‘හැඟුමන්‘ගීතයෙන් රසික සිත් මන්මත් කළ හිරුෂි ජයසේන ගැයුමෙන්, වැයුමෙන් සේම නැටුමෙන් රැඟුමෙන්ද දස්කම් පානා සුරූපිණියකි. මනෝ විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වුවද හිරුෂිගේ හිත නැවැතුණේ කලාවටයි.
හිරුෂිගේ පළමු අන්තර්ජාතික නිර්මාණය ළඟදීම එළිදක්වන්න සූදානමින් නේද?
ඔව්.. ඉන්දියාවේ ජනප්‍රිය සංගීත ශිල්පියකු වන Shantanu Mukherjee සමඟ කරපූ ඒ ගීතයේ මියුසික් වීඩියෝවට අදාළ රූ ගත කිරීම් ඇතුළු නිෂ්පාදන කටයුතු මේ දවස්වල කෙරෙනවා. කණ්ණඩ බසිනුත් මේ ගීතය නිර්මාණය කරලයි තියෙන්නේ. ළඟදීම ඒ ගීතය රසිකයන්ට තිළිණ කරන්න සූදානම්.
සෑහෙන කාර්යබහුල වෙලා ඉන්නේ ඒ නිර්මාණය එක්කමද?
ඉදිරියේදී ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන්න තියෙන විදෙස් ටෙලි නාට්‍යක තේමා ගීත ගායනයකට සම්බන්ධ වුණා. හඬ කැවීම් හා ගායනයෙන් වෙළෙඳ සන්නාම කිහිපයක් සමඟ වැඩ කරන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා. මගේම තවත් නිර්මාණ දෙක තුනකුත් ඉදිරියට එන්න තියෙනවා. ඒ වැඩ කටයුතු එක්ක තමයි කාලය ගෙවෙන්නේ.
හිරුෂිගේ රැප් කිරිල්ලටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?
ඒ මං ආසාවට කරපූ රැප් විඩියෝස් වගයක්. හැබැයි ප්‍රතිචාර නම් හොඳයි. Rapperකෙනෙක් වෙන්න ලේසි නැහැ. Rapperකෙනෙක්ට තියෙන්න ඕනේ සමහරක් හැකියා මට තිබුණත් තව ඒ ගැන හදාරන්න ඕනේ.. ලංකාවේ Rap කරන්න කාන්තා නියෝජනය අඩු නිසා ඒ පැත්තත් දියුණු කරගත්තොත් හොඳයි.
ඔබ කැමැති දැන් කවුරු විදිහට හඳුන්වනවාටද?
මම කැමැති ගායිකාවක් විදිහට මගේ අනන්‍යතාව ගොඩනඟා ගන්න. නමුත් මාධ්‍ය ක්ෂේත්රයේත් මම කරන වැඩ කොටස ගායනයට වඩා ගොඩක් බැරෑරුම්.
වෙනත් අංශයකින් ඉගෙන ගත් හිරුෂිගේ හිත කලාවට ගියේ ඇයි?
මම අවුරුදු 6 සිට ගායනා කරනවා. නමුත් 2018 දී මායා චිත්‍රපටයේ ” හීනෙන් ඇවිදින්න ” ගීතයෙන් තමයි වෘත්තීමය ගායිකාවක් ලෙස මගේ ගමන ඇරැඹෙන්නේ. උපාධිය අරන් ලංකාවට ආවට පස්සෙ ඉගෙන ගත්ත දෙයින් වෘත්තීමය වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වුණත් යම් හැකියාවක් තියෙන කෙනකුට එය තමන්ගේ වෘත්තීය කරගෙන ඉදිරියට යෑම පහසු නැහැ.
නමුත් ගොඩක් උත්සාහ කළොත් හොඳ තැනකට එන්න පුළුවන් වේවි යැයි මට හිතුණා. මගේ නිර්මාණ කටයුතුවලට ඒ ඉගෙන ගත් දේවල් මම ප්‍රායෝගිකව භාවිත කළා. අපි නිර්මාණයක් ඔස්සේ අවසානයේ කළ යුත්තේ හරවත් දෙයක් සමාජයට ලබා දෙමින් මිනිස් මනස සුවපත් කිරීමයි.
හිරුෂි කියන්නේ කිරුළක් හිමි වූ සුරූපිනියක්?
මට 2017 දී සියත Miss World Sri Lanka තරගයෙන් දෙවන ස්ථානය හිමි වුණා. ඒ කාලේ මම පොතේම හිටපු ළමයෙක්. ඉගෙනීමේ කටයුතුවලට විදෙස් ගතව ඉදිද්දි අම්මා තමයි ඒ තරගෙට අයදුම් කරලා තිබ්බේ. අලුත් අත්දැකීමක් වේවි කියලා මමත් ඒ තරගෙට සහභාගී වුණා.
ඔබේ ජනප්‍රියත්වයට ඒ කිරුළ බලපෑවද?
ඒ තරගය නිසා මම ජනප්‍රිය වුණේ නැහැ. මාව රසිකයින් හඳුනගන්නේ ” හැඟුමන් ” ගීතයෙන් . ඊට කලින් ‘මායා‘ චිත්‍රපටයේ ගීතය නිසා මගේ නම ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණා.
ඔබගේ ගමනට ඔහුගෙන් ලැබෙන සහාය ?
මට පෙම්වතෙක් ඉන්නවා කිව්වත් කලබල වෙන කට්ටියක් ඉන්නවා. නැහැ කිව්වත් කලබල වෙන කට්ටියක් ඉන්නවා. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් මුකුත් නොකියාම නිහඬ වෙන්නම්
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
