Gossip

පී.එච්.අයි.ලා හෙට ලෙඩ වෙයි

තමන්ට නීතිමය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (24 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා..
එම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාරයක් නොලැබුණෙහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ලබන 27 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ​ඊයේ (22 වැනිදා) පැවැති සාකච්ඡාවකදී දෙපාර්ශ්වයම මෙම ගැටලුව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලැබෙන ක්‍රමවේදය දැනටමත් පැහැදිලිව දක්වා ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!