පැහැරලනු ලැබූ EgyptAir ගුවන් සේවයට අයත් ගුවන් යානය ත්රස්තවාදියෙකු විසින් කළ ක්රියාවක් නොවන බව වාර්තා වෙයි.
අදාළ ගුවන් යානය පැහැරගනු ලැබ ඇත්තේ ත්රස්තවාදියෙකු විසින් නොවන බවත් මෝඩ පුද්ගලයෙකු විසින් බවත් ඊජිප්තු විදේශ ඇමති ප්රකාශ කර තිබෙනවා.
අදාළ පුද්ගලයා ගුයන් යානය පැහැරගෙන සයිප්රස් ගුවන් තොටට බලහත්කාරයෙන් ගොඩ බස්සවා ගෙන ඇත.
ඉන් අනතුරුව ස්වල්ප මොහොතකට පසු ගුවන් යානයේ සිටි මගීන් පිරිසක් මුදාහැර තිබෙනවා.
කෙසේ වෙතත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු 7 දෙනෙකු ගුවන් යානයේ රඳවාගෙන ඇති බව වාර්තා වෙයි.
ඉන් අනතුරුව ගුවන් සේවිකාවක මාර්ගයෙන් අදාළ පුද්ගලයා බලධාරීන් වෙත පිටු හතරක ලිපියක් යොමු කර තිබේ.
ගුවන් සේවිකාවක අදාළ ලිපිය රැගෙන යෑමට ගුවන් යානයකට පැමිණි අවස්ථාව පහතින් බලන්න.
එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ තමාගේ හිටපු බිරිඳ එම ගුවන් යානයට කැඳවාගෙන එන ලෙසයි.
ඔහුගේ හිටපු බිරිඳ සයිප්රස්හි පදිංචිකාරියකි.
කෙසේ වෙතත් මේ වන විටත් අදාළ ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩපය ඇතුළු 7 දෙනා රඳවාගෙන ඇති බව වාර්තා වෙයි.
