බරින් අධිකම මිනිසා බවට පත්වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබූ මෙක්සිකානු ජාතික මනුවෙල් උරබේ ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 48කි. 2006 වසරේදී ලොව බරින් අධිකම මිනිසා ලෙසට ඔහු ගිනස් වාර්තාවක් අතරට එක්වු පුද්ගලයෙකි.
ඒ වනවිට ඔහුගේ බර කිලෝග‍්‍රෑම් 560කි. කෙසේ වෙතත් මියයන විට ඔහුගේ බර කිලෝග‍්‍රෑම් 394ක් දක්වා අඩු වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
