ගයත්‍රී ඩයස් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්.
ඇය පසුගිය දවස්වල වැඩිපුර දකින්න ලැබුණේ නම් නැහැ.
හැබැයි නිතරම කතාබහටනම් ගයාත්‍රී ලක්වුණා.. ඇයගේ අලුත්ම විස්තර සතිඅන්ත පුවත්පතකට ගයාත්‍රී මේ විදිහට කියලා තිබුණා.
ගයාත්‍රිගේ ව්‍යාපාරයත් හදිසියේ අලූත් වුණා නේද?
ඇත්තටම මම සැලෝන් එක නැවත පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළා. වෙන තැනකට රැගෙන ගියා.
කොහාටද ගියේ ?
නුගේගොඩ කෝට්ටේ පාරට ගියේ. ලස්සනට මගේ සැලෝන් එක හදාගෙන තියෙනවා. ඉතිං මට පුරුදු රැකියාවන් දෙක තමයි ඔය. රංගන සහ රූපලාවන්‍ය කියන කටයුතු දෙක සමබරව කරගෙන යනවා.
මේ දිනවල වැඩිපුර ඉඩක් ලබාදෙන්නේ රූපලාවන්‍ය කටයුතුවලටද? රගපෑමටද?
මෙහෙමයි. රගපෑමත් කරගෙන යනවා. ඔය අතරේ වැඩිකාලයක් සැලෝන් එකේ රැදිලා ඉන්න උත්සාහ කරනවා.
ඔය අතරේ ගයාත්‍රි පසුගිය දවස්වල විදෙස්ගත වෙන්න යනවා කියලත් කතාවක් පැතිරගියා නේද?
ඒක නම් ඇත්තටම මිනිස්සු විසින් හදාගත්තු කතාවක්. මොකද විදෙස්ගත වෙන්න හිටියේ දුවගේ අධ්‍යාපන කටයුතුවලට.
එහේ මම නතර වෙන්න හිටියේ නැහැ. දුව තමයි නතර වෙන්නේ ගියේ. දැන්ම රටකට ගිහිල්ලා නතරවෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඔය කතාව හැදුනේ කොහොමද කියන්න මමවත් දන්නේ නැහැ. මම එහෙම කතාවක් කාටවත් කිව්වෙත් නැහැ. ඒ කතාවේ සත්‍යතාවයක් නැහැ.
රගපෑමේදී චරිත තෝරාබේරා ගන්නවාද?
අත්හරින චරිත ඕනෑතරම් තියෙනවා. මොකද අපිට ගැලපෙන, අපේ සමාජයට ගැලපෙන, මගේ පවුලට ගැලපෙන විදිහේ චරිතවලින් පිටතට ගිහිං චරිත රගපාන්නේ නැහැ. ඇත්තම කියනවා නම් අභියෝගාත්මක චරිතවලට අදටත් ඕනෑතරම් ආරාධනා ලැබෙනවා.
ඇත්තටම කියනවා නම් සීමාවන් තියෙනවා. ඒවායින් එහාට ගිහිං චරිත රගපාන්නේ නැහැ.
ඔය පෙනුම හින්දාද වැඩවලින් අඩුවක් නැත්තේ ?
ඒකනම් මම හරියටම කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම පිළිවෙළට ඉන්න කැමැති කෙනෙක්. අද මැරෙනවා, හෙට මැරෙනවා කියලා සුන්දරත්වය අතහැරලා ඉන්න චරිතයක් නෙමෙයි. වැඩවලට කතා කරද්දී සහයෝගයත් බලපානවා.
මොකද මම වැඩකරන්න ගියහම ගොඩක් අයත් එක්ක සහයෝගයෙන් වැඩකරනවා. ඒ නිසා වෙන්න ඇති මට වැඩවලට කතා කරන්නේ.
ජීවිතයේ ගත්තු තීන්දු තීරණ ගැන මොකද හිතන්නේ ?
මම කිසිම දෙයකට පසුතැවිලි වෙන කෙනෙක් නෙමෙයි. හැමෝම ගත්තහම ජීවිතයේ හරි තීරණ වැරදි තීරණ නරක තීරණ අරගෙන තියෙනවා.
අපි ඔය දේවල් තීරණය කරන්නේ යම්කිසි දෙයක් සිද්ධවුණාට පසුවයි. ඊට කලින් අපිට ඒ දේවල් ගැන කතා කරන්න බැහැ.
මම හිතන්නේ ඒ ගැන පසුතැවිලිවෙනවාට වඩා ඉදිරියට මුහුණදෙන්න උත්සාහ කරනවා නම් හොදයි. මොකද ගත්තු තීරණ ගැන දිගිහ් දිගටම පසුතැවිලා වැඩක් නැහැ.
ගයාත්‍රිගේ ජීවිතයේ පසුතැවීම් නැතිද?
පසුතැවීම් ඕනෑතරම් තියෙනවා. නමුත් මම ඒ ගැන හිතන්නේ නැහැ. ලොකුවට ඒ දේවල් ඔළුවට අරගෙන දැගලූවා කියලා වැඩක් නැහැනේ. අතීතය අපිට නිවැරදි කරන්න බැහැ.
ජනප්‍රියත්වය ව්‍යාපාරවලට බාධාවක්ද?
ජනප්‍රියත්වය ව්‍යාපාරයකට වටිනවා. මුලදීම මගේ සැලෝන් එක පටන්ගන්නකොට මට සාමාන්‍ය ජනප්‍රියත්වයක් තිබුණා.
ඒක මගේ ව්‍යාපාරයට බලපෑවා. වටිනාකමක් ලැබුණා. ඉතිං අදටත් එහෙමයි. ජනප්‍රිය කෙනෙක් ව්‍යාපාරයක් පටන්ගත්තහම ඒකට නොමිලයේම ප්‍රචාරණයක් ලැබෙනවා.
ඉතිං එවැනි වරප්‍රසාද මටත් ලැබෙනවා. අනික ජනප්‍රියත්වය ව්‍යාපාර කටයුතුවලට බාධාවක් නෙමෙයි.
කටකතාවලින් ගයාත්‍රිව වට්ටන්න බැහැ. එහෙමද?
කොටින්ම බැහැ. කොහෙත්ම බැහැ. කටකතා ගමක් ඇතුලේ ඉන්න ජනප්‍රිය ගැහැණියකට පවා ඇතිවෙන්න පුළුවන් දෙයක්.
රටක් ඇතුලේ ප්‍රසිද්ධ ගැහැණියට ඒ වගේ කතා ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒක නවත්වන්න බැහැනේ. අපිට එකින් එකට කනින් කනට ගිහිල්ලා කියන්න බැහැනේ මේ කියන කතා නවත්වන්න කියලා.
එහෙමයි කියලා අපි බෙල්ලේ වැලදාගෙන මැරෙන්නවත්, කරන වැඬේ නවත්වන්නවත්, පසුතැවෙන්නවත් වුවමනා නැහැ.
ගොඩක් වෙලාවට මිනිස්සු කියන්නේ ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ කියලා. නැහැ. එහෙම නැහැ. එහෙම විතරක් නෙමෙයි.
කිසිම තේරුමක් නැතිව නගින දුම් ඕනෑතරම් තියෙනවා. ඉතිං ඒ නිසා මම හිතන්නේ නැහැ ඒවාට දුක් වෙන්න ඕනෑ කියලා.
ඒ කියන්නේ නිිළියක්, මවක්, ගැහැණික් විදිහට ගයාත්‍රි ඩයස් කියන්නේ ශක්තිමත් කාන්තාවක් ?
හරියටම හරි. කිසිම දේකින් සැලෙන්නේ නැහැ. සැලෙනවා නම් ඔයිට වැඩිය දේවල් තියෙනවා. අනික අපි ඇහැකින්වත් දැකලා නැති අදුරන්නේ නැති කෙනෙක් හදන කටකතාවකට ඇයි අපි බයවෙන්නේ. මට ඒවාට කිසිලෙසකින් සැලෙන්නේ නැහැ.