Gossip

“කියන අයට ඕනෑ දෙයක් කියන්න පුළුවන් – බුරන බල්ලොන්ට ගල් ගහගහ ඉන්න මම යන්නෙ නැහැ “- චලක චමුපති

චලක චමුපති කියලා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන හඬක්. නිතර මාධ්‍යයෙන් ඔහුව දැකගන්න නොහැකි වුණත් ඔහුගේ සහ ඔහුගේ පියාගේ ගීත බොහෝ දෙනෙක් මුමුණන ගීත. ඒ තරම් ඒ ගීත සමග ප්‍රේක්ෂකයන් බැඳී ඉන්නවා. ඉතින් පසුගිය දවසක චලක කිසිවෙකුත් නොසිතූ ලෙස රිය අනතුරකට භාජනය වුණා. මේ වන විට ඔහු සුවය ලබමින් සිටිනවා. ඉතින් චලක ඒ අනතුර ගැන සති අන්ත පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

චලක. කොහොමද දැන් අසනීප තත්ත්වය ?
දැන්නම් හොඳයි. ඒත් ඇඟ ඇතුළෙන් පොඩි අමාරුකම් තියෙනවා. ඒත් දැන් ගොඩක්ම හොඳයි.

මොකද වුණේ එකපාරටම ?
මම යාළුවෙක්ගේ ගෙදර ගිහින් වාහනේ අරන් එද්දි නින්ද ගිහින් තමයි අනතුර වුණේ. දවස් හයක් හතක් විතර රෝහලේ හිටියා. දැන් නම් ගෙදර ඉන්නේ. ඇඟ ඇතුළේ පොඩි අස්ථි ටිකක් කැඩිල තියෙනවා. ඒවගේ අමාරුකම් තමයි තියෙන්නේ. දැනට ඒවට බෙහෙත් කරගෙන යනවා.

බොහෝ දෙනෙක් කතාබහට ලක්වුණේ චලක අනතුරට ලක්වුණේ මත්ද්‍රව්‍ය භාවිතා කරපු නිසා කියලා ?
ඒක මෙහෙමයි. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. කියන හැමෝගෙම ප්‍රශ්න විසදන්න ගියොත් මට වෙන වැඩක් නෑ. මොකද අපේ මිනිස්සු දන්නේ නැති දේවල් ගැනනේ වැඩිපුර කතා කරන්න කැමැති. මම අනතුරට පත්වුණ වෙලාවේ පොලීසියෙන් තමයි මම රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ. එහෙම මත් ද්‍රව්‍ය අරගෙන තිබුණ නම් ඔවුන්ට ඒක අහුනොවෙන්න විදියක් නෑනේ. කියන අයට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. මට ඒව වැඩක් නෑ. අනික බුරන බල්ලොන්ට ගල් ගහගහ ඉන්න මම යන්නෙත් නැහැ.

එහෙම නම් ඇත්තටම මොකද්ද වුණ සිද්ධිය ?
එදා මට ෂෝ මුකුත් තිබුණේ නැති නිසා මම ගියා පෑලියගොඩ මගේ යාළුවෙක් මුණගැහෙන්න. එහෙම කතාබහ කර කර ඉඳලා මම එද්දි මට ලොකු බඩගින්නකුත් ආපු නිසා මම ඉක්මනට ගෙදර යන්න තමයි කඩුවෙල පැත්තෙන් දාලා යන්න ගියේ. ඒ යද්දි තමයි මේ අනතුර වුණේ.

මේ අනතුර නිසා භාරගත්තු වැඩ වලට මොකද වුණේ ?
මගේ වාසනාවට ඒ දවස් ටිකේ මම වැඩ මුකුත් භාර අරගෙන තිබුණේ නැහැ. දැන් සනීප නිසා ඉදිරියට එන වැඩ භාරගන්නවා.

ඒ කියන්නේ දැන් ඔබට ගායනයට අපහසුවක් නැද්ද ?
ඔව්. ඇගේ පොඩි පොඩි අමාරුකම් ටිකක් තිබුණට ගායනයට ප්‍රශ්නයක් නැහැ. වෙනදා වගේම මට ගායනය කරන්න පුළුවන්.

ඉදිරි වැඩකටයුතු මොනවද දැනට භාර අරගෙන තියෙන ?
දැනට අවුරුදු මාසේ සංගීත සංදර්ශන කිහිපයක වැඩ කටයුතු භාර අරගෙන තියනවා සහ මැයි මාසෙ මුල ඔස්ට්‍රේලියා සංචාරයක් තියෙනවා. මම, චාමර සහ දමිත් අසංක තමයි ඒ සඳහා සහභාගි වෙන්නේ.

අලූත් ගීතයක් ළඟදීම ප්‍රේක්ෂකයන්ට අහන්න පුළුවන් වේවිද ?
ඔව්. කසුන් කල්හාර මගේ ගීත තුනක වැඩ දැනට කරගෙන යනවා. තාත්තාගේ ගායනා නොකරපු පැරණි ගීත කිහිපයක් අලූත් වර්ෂන් එකෙන් කරන්න වැඩ කරගෙන යනවා.

ඔබ මාධ්‍ය ඉදිරියට නිතර නොයන්න හේතුව ?
ඔව් ඒක නම් එහෙම තමයි. මම මාධ්‍ය පස්සෙම දුව
න කෙනෙක් නෙවෙයි. ඉදල හිටලා මාධ්‍යයට ආවම ඇති කියලයි මම නම් හිතන්නේ.

උපුටා ගැනීම – දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!