ලෝකයේ නම ගිය කුඩු රජෙකු වූ මෙක්සිකෝවේ වාකීන් ගුස්මාන් හෙවත් චාපෝ යළිත් මෙක්සිකෝ පොලීසියට කොටුවීමත් සමග ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පිහිටුවල් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
අවස්ථා කිහිපයකදීම බන්ධනාගාරයෙන් මිදී පලා ගිය මොහු තමාගේ චරිතාපදනාය අලලා චිත්‍රපටයක් සෑදීමට පවා කටයුතු කරමින් සිටි බව මෙක්සිකෝ බලධාරීන් පවසයි.
ලෝකයේ අංක එකේ කුඩු රජෙකු ලෙස සැලකෙන ගුස්මාන් පාතාලයේ නායකයා ලෙසද කටයුතු කළ තැනැත්තා වන අතර, අපරාධ නීතිය යටතේ ගුස්මාන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයද සූදානමින් සිටියේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් ඇමෙරිකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමත්, මත්ද්‍රව්‍යයට ගොදුරුවීම හේතුවෙන් මෙන්ම පාතාල සටන් හේතුවෙන් ඇමෙරිකාව හා මෙක්සිකෝව තුළ මියගිය මිලියන ගණනක් මිනිසුන්ගේ ජීවිතවලට වන්දි ගෙවිය යුතු පුද්ගලයා ලෙසද ගුස්මාන් මෙසේ ඇමෙරිකාවට අවශ්‍යව තිබුණි.
මාස හයකට වඩා වැඩි කාලයක් සිදුකළ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා ලොස් මෝෂිස් නගරයේදී ගුස්මාන් කොටුකර ගැනීමට මෙක්සිකෝ බලධාරීහු සමත්ව තිබුණි.
මේ වන විට චාපෝ අල්ලා ගැනීම සඳහා එරට බරධාරීන් විසින් සිදුකරන ලද අති බිහිසුණු මෙහෙයුම අන්තර්ජාතික ප්රවෘත්ති සේවාවලට මුදවා හැර තිබෙනවා.
මෙහි ඇති අති බිහිසුණා ස්වරූපය එම වීඩියෝවෙන් දැකගත හැකිවෙයි.