හොලිවුඩ්

අමෙරිකාව උතුරු කොරියාවෙන් ගේම ඉල්ලයි – B-52 ප්‍රහාරක යාන කොරියාවට උඩින් යවයි (වීඩියෝ)

north-korea

උතුරු කොරියාවට සිය යුධමය ශක්තිය විදහාපෑම සඳහා අමෙරිකාව විසින්  බී52 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා කිහිපයක් දකුණු කොරියාවට ඉහළින් පියාසර කරවා තිබෙනවා.

පසුගියදා උතුරු කොරියාව විසින් සිදුකරන ලද හයිඩ්‍රජන් බෝම්බ අත්හදාබැලීමට ප්‍රතිචාර ලෙස මෙය සිදුකළ බව  අමෙරිකාව පවසන්නේ.

උතුරු කොරියානු දේශ සීමාවට ආසන්නයේදී මෙම බෝම්බ ප්‍රහාරක යානා පියාසර කරවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

පසුගියදා උතුරු කොරියාව විසින් සිදුකළ අත්හදාබැලීම, අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් බොහොමයක විවේචනයට ලක්වූ නමුත් උතුරු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේ ස්වෛරී රාජ්‍යයකට එවැනි අත්හදා බැලීමක් සිදුකිරීමට සාධාරණ අයිතියක් ඇති අතර එය විවේචනය කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!