ඊජීප්තුවට අයත් එම් එච් 804 යානය අනතුරට ලක්වූ අවස්ථාවට ආසන්න කාලයකදී එම කලාපයෙන්ම ගමන් කළ තවත් මගී ගුවන් යානා දෙකක් අද්භූත සිද්ධියකට මුහුණ පා ඇතැයි ලන්ඩලයේ එක්ස්ප්රස් වෙබ් අඩවිය වාර්තාකර තිබෙනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම යානා දෙකම තම යානාවන්ට ඉහලින් ගමන් කළ කොළ පැහැති ආලෝකයක් සහිත අද්භූත යානාවක් දැක ඇති බවයි. අධික වේගයකින් ගමන් කළ මෙම යානය පිළිබදව තුර්කි ගුවන් සේවය දැනුවත් කිරීමටද එම යානාවල නියමුවන් කටයුතු කර තිබුණා.
ක්ෂනයකින් තමන්ගෙන් ඈතට ගමන් කර නොපෙනී ගිය අදාළ කොල පැහැති ආලෝකයක් සහිත වස්තුව ගුවන් යානාවන්ට අඩි 3000 ක් පමණ ඉහලින් ගමන් කළ බවයි නියමුවන් සදහන් කර ඇත්තේ. මෙම අනාවරණයත් සමග එම් එස් 804 යානය අනතුරට ලක්වීමට මෙම සැක සහිත වස්තුව හේතුවක්දැයි සැක මතුවන බවයි පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.
මෙම සිද්ධිය වූ අවස්ථාවේ එම කලාපයේ රේඩාර් පරීක්ෂාවක් සිදුකළද ඊට කිසිදු සැකකටයුතු යමක් දර්ශනයවී නැහැ.
උපුටා ගැනීමකි…
