ඉන්දියාවේ චතිස්ගාර්හි පස් හැවිරිදි දරුවකුගේ බඩේ වසරක් තිස්සේ තිබුණු කුඩා දත් බුරුසුවක් පසුගියදා සැත්කමකින් ඉවත් කෙරුනා. කේෂව් ෂාහු නමැති මෙම දරුවා දරුණු බඩේ කැක්කුමකින් රාජ්පුර් වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කෙරුනේ පසුගිය සතියේදීයි.
ළමා රෝග විශේෂඥය වෛද්‍ය පටෙල් දරුවාගේ ආමාශයේ X ray, Ultra Sound Scan පරීක්ෂණ ලබාගෙන තිබෙනවා. එහිදී දරුවාගේ මුත්‍රාශයේ ගලක් හා කිසියම් අසාමාන්‍ය අගල් හයක් දිග යමක් දක්නට ලැබී තිබෙනවා.
එය කුමක්දැයි හා X ray, Ultra Sound Scan පරීක්ෂණ වලින් පැහැදිලි වී නැහැ. දරුවා වහා සැත්කමකට භාජනය කරන ලද අතර ගල පිටතට ගනිද්දී ඒ සමග එලියට ඇද විත් ඇත්තේ දත් බුරුසුවකි. එය දැක වෛද්‍ය කණ්ඩායම පුදුමයට පත් වී තිබෙනවා. එමෙන්ම දරුවාගේ බඩවැල් ස්ථාන තුනකින් සිදුරු කරගෙන දත් බුරුසුව මුත්‍රාශය කරා ඇතුල් වී ඇති බවයි.
මේ නිසා ඇති වූ දරුණු වේදනාව නිසයි දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වී ඇත්තේ. දත් බුරුසුව ඉවත් කල පසු වෛද්‍ය වරු ඒ ගැන දරුවාගේ මවගෙන් විමසු නමුත් ඇය කිසිවක් දැන සිට නැහැ. දරුවාගෙන් එය විමසු විට ඔහු පවසා ඇත්තේ වසරකට කලින් දත් බුරුසුව ගිලුණු බවත් බැනුම් ඇසීමට සිදු වේ යයි බියෙන් මවට හෝ පියාට ඒ පිළිබද කිසිවක් නොකී බවත්ය.