මුලතිව්, නන්දිකඩාල් කලපුවේ, මුල්ලිවයික්කාල් හා වට්ටුවාක්කල් මුහුදු තීරයේදී මිය ගිය කුඩා මසුන් විශාල ප්‍රමාණයක් ඊයේ දිනයේ (02) සහ පසුගිය දින කිහිපයේදී ගොඩ ගසා තිබූ බව මුලතිව් ධීවරයින් පවසා තිබෙනවා.
මසුන් විශාල සංඛ්‍යාවක් මෙසේ මියයන්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ධීවරයින් පවසන්නේ කිසියම් විෂ සහිත ද්‍රව්‍යයක් හෝ කාලගුණික වෙනස් වීමත් සමග ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම සතුන් මෙලෙස මියයන්නට ඇති බවටයි.
වෙරළට ගොඩගසා ඇති මිය ගිය මසුන් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ඝන්ධයක්ද හට ගෙන ඇති අතර ධීවරයින් එක්ව මියගිය මාළුන් ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.
