ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගනිමින් 2014 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ඊයේ බ්‍රසීලයේදී ආරම්භ විය. බ්‍රසීලයේ සංකෘතිය හා සමාජ වටපිටාව පිළිඹිබු කෙරෙන නර්තන අංග රැසකින් මෙම සමාරම්භක උළෙල පැවති අතර මේ සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩංගණයට එක් වී සිටින ලදී. මෙහිදි කාගේත් අවධානයට යොමු වු කරුණක් වුයේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තේමා ගීතය ලෝව ප්‍රකට ගායිකාවක් වන ජෙනිෆර් ලොපෙස් සහ පිට්බුල් විසින් ඉදිරිපත් කිරීමයි.
