එන්රික් කියන්නේ කවුද කියලා ලංකාවේ දැන් නොදන්න කෙනෙක් නැහැනේ. ඒ පසුගියන දිනක ලංකාවේ පැවැත්වුණු ප්රසංගයේදී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා එන්රික් ලංකාව තුළ විශේෂයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.
ඒ ජනප්‍රියවීම තුළින් එන්රික් කියන්නේ කවුද කියලා හරි ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට දැනගන්න ලැබුණා.
ඒ අතරේ බොහෝ විවේචන එන්න ගත්තා. ගොඩක් අය ඒ එන්රික්ට බනින්න ගත්තා. විවෙදන එල්ල වුණා.
ඔන්න ඒ විවේචන වලට එන්රික් පිළිතුරු ලබාදීලා තියෙනවා. ඒ ජාත්‍යන්තර පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
“මම ඒ විවේචනයට ඇහුම්කන් දෙනවා. සමහරු මගේ සංගීතයට කැමැතියි වගේම තව සමහරු අකැමැතියි. මිනිස්සු මගේ සංගීතය හෝ ගීත විවේචනය කරනවා නම් ඒ විවේචන අහගෙන ඉන්න එක මට ගැටලුවක් නෑ. නමුත් බොහෝ විවේචන පුද්ගලබද්ධයි. මම එන්රික් ඉග්ලීසියස් නිසා මාව විවේචනය කරන අය ගැන මට තරහා යනවා. පුද්ගල අනන්‍යතා විවේචනය කරන්නේ මෝඩයෝ.”
එමෙන්ම තමන්ගේ සහකාරිය සම්බන්ධයෙන් ද එන්රික් එහිදී අදහස් දක්වා තිබෙනවා.
“මගේ ගැන හොයන කෙල්ලක් මගේ ජීවිතයට එනවට කැමැතියි. නමුත් කිසිම කෙල්ලකට සතියකට වඩා මගේ වැඩ ඉවසන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ නැහැ”