ආගමට දහමට අනුව ජීවත් වෙන කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ.
අද තරුණ හදවත් හුඟක්ම ආගමට නැඹුරු වෙලා තියෙනවා කියන කාරණය හොඳටම පේනවා.
ඒකට හොඳම උදාහරණ තමයි පසුගිය දවස් ටිකේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක්ම මහණ දිවියට පා තැබීම.
අපි දැන් ඔබට කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
ඇය නමින් ශාන්ති.
පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිණියක් විදිහට සේවය කරපු ශාන්ති පසුගියදා ඇඹිලිපිටියේ ධම්ම දින්නා නමින් සසුන් ගතවී තිබෙනවා.
සමාජයේ නිහතමානි ලෙස ගිහි ජීවිතයක් ගත කළ ඇය හත් දෙනෙකුගෙන් යුත් පවුලේ හය වෙනියායි. බොහෝ සැප සම්පත් තිබූ ඇය ධාර්මික නැඹුරුතාව නිසා අවසානයේ සියලු සැප සම්පත් අත හැර පැවිදි දිවියට ඇතුළු විය..
ධම්ම දින්නා මෙහෙණින් වහන්සේට නිර්වාණයම පසක් වේවා..
