Gossip

හිටපු ජනාධිපතිවරයා මට ලිංගික අතවර කළා, බිරිඳ ළඟ ඉද්දි මාව ස්පර්ශ කළා – නිළියක් සිදුකළ හෙළිදරව්ව මෙන්න

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් නිළියකට ලිංගික අපහාස කළ බවට එල්ලවූ චෝදනාවත් සමඟ හිටපු ජනාධිපතිවරයා විසින් ඇයගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
93 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා රෝද පුටුව පිටුපසින් අතදමා ස්පර්ෂ කළ බවට හෙදර් ලින්ඩ් නමැති නිළියක් විසින් චෝදනා කර තිබුණේ ඇයගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම හරහායි.
පසුගිය දිනක හිටපු ජනාධිපති බරක් ඔබාමා හිටපු ජනාධිපති බුෂ්ගේ අතින් අල්ලාගෙන හරිකේන් කුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ හිටපු ජනපති බුෂ් දැක තමන් කණගාටුවට පත්වූ බවත් ඇය විසින් පවසා තිබෙනවා.
මමත් ඒ වගේම ෆොටෝ එකකට පෙනී හිටපු වෙලාවේ එයා මට ලිංගික අතවර කළා.
එයා මට අතට අත දුන්නේ නෑ. ඒ වෙනුවට එයාගේ බිරිඳ බාබරාත් ළඟින් ඉන්න අතරේ පිටිපස්සෙන් අත දාලා මාව ස්පර්ශ කළා. එයා මට කැත විදිහට විහිළු කලා. ඊට පස්සේ අපි ඡායාරූපයක් ගන්නකොට එකපාරම ආයෙත් මාව ස්පර්ශ කළා.” යනුවෙන් ඇය සිය ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ සටහනක් තබා තිබුණා.
ඒ බව දුටු හිටපු ජනාධිපතිවරයා මෙම නිළියගෙන් සමාව ගෙන ඇති අතර එය මාධ්‍යයට පවසා තිබෙන්නේ හිටපු ජනපතිවරයා ඒ අවස්ථාවේ විහිළුවක් කිරීමට උත්සහ කළ බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පවසා තිබෙන්නේ ” ජනාධිපති බුෂ් කිසිම වෙලාවක කුමන තත්ත්වයක් යටතේ වුණත් කාටවත් සිත්තැවුලක් ඇතිි කරන්නේ නෑ. විහිළුවක් කරන්න ඔහු උත්සහ දැරීම මගින් ලින්ඩ් මහත්මිය සිත්තැවුලට පත්වුණානම් ඔහු අවංකවම සමාව ඉල්ලන බවයි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!