තෙවන වරටත් සංවිධානය කළ 2015 දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්රීය නෙළුම් පොකුණ රඟහලේදි ඊයේ රාත්රී පැවැත්විණ. එහිදී ජනප්රියම නිළිය සම්මානය දිල්හානි ඒකනායකත්, ජනප්රියම නළුවා සම්මානය රංජන් රාමනායකත් හිමිකර ගන්නා ලදී. එසේම හොඳම නිළිය ලෙස කේ.සෙරා චිත්රපටයේ මිෂෙල් හර්ඩ්ද හොඳම නළුවා ලෙස සරත් කොතලාවලද සම්මානයට පාත්රවිය. මීට අමතරව හොඳම අධ්යක්ෂකවරයා ලෙස නිලේන්ද්ර දේශප්රියත්, හොඳම ඡායා රූප ශිල්පියා ලෙස ධනුෂ්ක ගුණතිලකත් සම්මාන හිමිකරගන්නා ලදී. මේ එහි දසුන් පෙළකි.