තරු හුට පට

ඉෂිතා ලංකාවට පැමිණෙයි – “මම මේ රටට ආදරෙයි”

ishitha

මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චරිතයක් තමයි ඉෂිතා කියන්නේ. ඉතින් ඔන්න ඉෂිතා පසුගිය දින ලංකාවට
පැමිණියා. එයා ගොඩක් ලංකාව තුළ ප්‍රසිද්ධියට පත්වුණේ මේ වන විට නාලිකාවක් ඔස්සේ  විකාශනය වන “මේ  ආදරයයි” ටෙලි
නාට්‍ය හරහානේ. ‍කොහොම වුණත් මෙයාව දන්නේ දැන් හැමෝම ඉෂිතා කියලා තමයි. හැබැයි මෙයාගේ ඇත්ත නම අවිල්ලා
දිව්‍යංකා ති‍්‍රපති. ඔන්න  දිව්‍යංකා  ලංකාවට ආපු ගමන් සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා.

බලන්නකෝ දිව්‍යංකා සම්මුඛ සාකච්ඡාවේදී කියන දේවල්.

“මගේරසිකයින් ශී‍්‍ර ලංකාවට එන්න මාව පොළඹවා ගත්තා’ – දිව්‍යංකා ති‍්‍රපති.

කොහොමද ශ‍්‍රී ලංකාව?

“මම මේරටට ආදරෙයි”. ඇය පිළිතුරු දුන්නේ ඇයගේ නිර්මාණය පළමු වරට සිංහල භාෂාවෙන් අහන්නට ඇය තුළ ඇති කැමැත්ත
පිළිබඳවද සඳහන්කරමිනුයි.

දිව්‍යංකා ති‍්‍රපති, ලංකාවේ මාධ්‍ය ආයතනයක් ඔස්සේ  දිග හැරෙන “මේ ආදරයයි”  ටෙලි නාට්‍ය මාලාවේ වෛද්‍ය ඉෂිතාරමන්
බල්ලාගේ චරිතයට ජීවය ලබාදෙන් නියයි. ඇය පසුගියදා ඇන්ලීන් වෙළෙඳ දැන්වීමක පෙනීසිටීම සඳහා තෙදිනකට ලංකාවට
පැමිණයාය.

බණ්ඩාරනායක ගුවන් තොටුපලට  පිවිසි තැන්පටන් ඇය ගිය සෑම තැනකම ඇගේ රසික රසිකාවියන් ඈ වටා රොක්වන්නට විය.

“මම සතුටින් ඉපිලූණා” .  ඒ ප‍්‍රතිචාරය මිලියන 1.5ක ප‍්‍රමාණයක ලයික් ප‍්‍රමණායක් ඇයගේ ෆේස්බුක් පිටුවට හිමි වූ නිසාත් රසික
රසිකාවියන්ගෙන් හිමිවුණු ත්‍යාග නිසාත් පමණක්ම නොවේ.

දිව්‍යංකාගේ ජන්ම මොහොතට අනුව නියමිත ධනු තාරකා රාශියේ HD 316224 යන තාරකාව ”දිව්‍යංකා ත‍්‍රිපති” ලෙස නම් කරමින්
ඇයට ගෞරව ප‍්‍රණාමය පුදකිරීමද ඒ සතුටට විශාල හේතුවක්විය.

”මම නිර්මාණ කරන්නේ සම්මාන බලාගෙනනම් නෙවෙයි. මගේඅරමුණ මගේ රසිකරසිකාවියන් තෘප්තිමත්කිරීම.
නැත්නං මගේ හිතටහරි නැහැ. සමහර ශී‍්‍ර ලාංකික මගේ රසික රසිකාවියන් මාව බලන්න ගුවනින් එනවා. ඒ අය එන්නෙ කොහේ
ඉඳලද කියලත් මට දැනගන්න  ඕනෙ. මම මේ‘ඇන්ලීන් ’ වෙළෙඳ දැන්වීමට පෙනී ඉන්න ආසාවෙන් එකතු වෙන්න මගේ මේ ශී‍්‍ර
ලාංකික රසික රසිකාවියන් ලොකු හේතුවක්වුණා. ඇත්තටම මාව ගෙන්නුවේ එයලා කිව්වොත් නිවැරදියි”  අනිත්කාරණාව මේ
වෙළෙඳ දැන්වීමේ පිටපත හරි ආකර්ශනීයයි. ඒකෙන්පිළිබිඹු වෙනවා ගැහැණිය නිවසේ න්‍යෂ්ටිය බවත්, සමාජයේ න්‍යෂ්ටිය බවත්
අවසන් වශයෙන් ලෝකයේම න්‍යෂ්ටිය බවත්” යයි ඇය පැවසුවේ ඇගේ ටෙලි නාට්‍ය රංගනයේ රසික ප‍්‍රසාදයද අමතක
නොකරමිනි.

ඉෂිතාට මේ තරම් රසික ප‍්‍රසාදයක් ඇත්තේ කුමක් නිසා කියලද දිව්‍යංකා හිතන්නේ?

ඇය සමස්ත ගෘහිණියන් අතරින් එක් අයෙක්. ඇය ශක්තිමත් ඒ වගේම හැගෘම්බරයි. නමුත් ඇය තමාගේ විශ්වාසයන් වෙනුවෙන්
සටන් කරනව. ඇය හරි සංවේදීයි. ඇය ඇගේ පවුලේ සාමාජිකයින්ට ආදරය කරනවා වගේම රැක බලා ගන්නව.  ඔවුන්
වෙනුවෙන්  ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම් චරිතයක්. මේ ටෙලි නාට්‍යය  හරහා ඒ වටිනා අදහස් කාන්තාවන් වෙත
ගෙනයනවා.

මූලික වශයෙන් දිව්‍යන්කා සහ ඉෂිතා යන දෙදෙනා  කිසිසේත්ම එක සමාන නැහැ. ඒත් ‘හායි මොහබ්බ තේන් ’ ප‍්‍රදර්ශනය වූ වසර
දෙක තුළ එකිනෙකාගේ වෙනස්කම් බොඳවගොස් ඇත.  මුලදී ඉෂිතා අනම්‍ය, දරඳඩු චරිතයක් වුවද කෙමෙන් දිව්‍යංකා ඉෂිතාව
නම්‍ය චරිතයක් බවට හාරවූ බව දිව්‍යංකා පවසයි.

දිව්‍යදකා, ඉෂිතා තුළට ආරෝපණයවූවත් දැන් ඉෂතා,ඇයට තමාවෙනුවෙන්පෙනීසිටින්නටකියා දී ඇත.
ස්තී‍්‍රවාදි වූ කාන්තා සහායකයයි තමන් හඳුන්වන ඇය මෙහෙම කියනව….

“කාන්තාවන් සාමාන්‍යයෙන් තමන්ව නොතකාහරිනව, විශේෂයෙන්ම විවාහ වුණාට පස්සෙ. පවුලේමධ්‍ය ලක්ෂ්‍යය කාන්තාව.
ඉතිං ඇය,ඇය ගැනත් සැළකිළිමත් විය යුතුයි. අම්මා සකී‍්‍රය නම් දරුවන්ද සකී‍්‍රයයි.   අම්මා අබල දුබල නම් දරුවන් භේද භින්න
වෙනව. ඒ නිසා අම්මා ශක්ති සම්පන්න වීම අත්‍යවශ්‍යයි”.

දිව්‍යංකා ඇගේ දෛනික කටයුතු මොනතරම් විශාල වුණත් ඇය,ඇය ගැන හොඳ හැටි විමසිලිමත් වෙනව. ඇය මොන තරම්
අවිවේකී වුණත් නිසි වෙලාවට පෝෂ්‍යදායී නිසි ආහාර ගන්නව. ඇයට අවශ්‍යව ඇති යකඩ කැල්සියම් වගේ දේවල් අඩංගු අමතර
ආහාරත්ලබාගන්නවා.

දිව්‍යංකා ඉන්දියාවේ විල් ප‍්‍රදේශයේ බෝපාල් ප‍්‍රදේශයේ වෙසෙන්නියක්.

“බෝපාල්”  කියන්නෙ පිරිමියෙක් නම් මම බෝපාල් සමග විවාහ වෙලයි ඉන්නෙ”  ඇයඉතා  ඕනෑකමින් පවසයි.
තමන් පණදුන් චරිතයකින් මූර්තියක් බවට පත් වෙමින් ඈ තම උපන්දේශයට ගෞරවකරයි. ඇය එහිදී අශ්වයින් පිටයාම, දියමත
ලිස්සායාම, පැරසෙයිලිං, වීර කි‍්‍රයා අභිරුචිය නිසාවෙන් බංගීජම්පිං, පාරුපැදීම් (වයිට් වොටර් රාෆ්ටිං) වැනි නැවුම් දේවල් කරා ඇදී
යාමටවිය.

ඇය ඉන්දියාවේ ජාතික කැඩෙට් හමුදාවේ දක්ෂතම රයිෆල් වෙඩික්කාරියද විය.
“මම නිතරම හිතුවේ රණ සෙබළියක් වෙන්න” යි ඇය පවසයි.  ඇගේ පෞරුෂයේ විවිධ බවක් මෙන්ම ප‍්‍රතිවිරෝධීබවක්ද සමමුසුව ඇත.

 

ඇය විසින් පෙනී සිටි ඇන්ලීන් වෙළෙඳ දැන්වීම පහතින් නරඹන්න.

i1d1 d2 d3 d4 d5

  4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!