සිසුවියන් දෙදෙනෙක්ගේ ජිවිත බිළි ගත් දෙහිවල දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ මේ වන විට අනතුරු හැඟවීමේ පුවරුවක් සවිකර තිබෙනවා.
මෙය ඉමේෂි සහ ශෙරෝන් යන සිසුවියන්ව පසුගිය 25වන දින එම ස්ථානයේ දී අනතුරට ලක්වීමෙන් පසුව සවි කර ඇති බවයි පැවසෙන්නේ.
දැනට මාස කිහිපයකට පෙර කුඩා දරුවන් දෙදෙනකුද මෙම ස්ථානයේ දීම දුම්රියට හසුවී තිබෙනවා.
මෙම ස්ථානය දුම්රිය අනතුරු රැසක් සිදුවන ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.