තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව කලින් දැන නොසිටි බව නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ ගැන දයාසිරි ජයසේකර මහතා මාධ්‍යයට අදහස් දක්වා සිටියේ මෙසේය.
“අද දවල් එකොළහමාරට මට කෝල් එකක් දීල කියන කොට තමයි මම දැනගත්තේ මට ඇමති ධුරයක්. මම ඒත් දන්නේ නෑ,” ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හෙතෙම මෙසේ කියා සිටියේය.
දයාසිරි ජයසේකර යනු කලක් එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාකලාපය දැඩිසේ විවේචනය කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී වැඩිම මනාපයෙන් වයඹ මහ ඇමතිවරයා වූ නව ක්‍රීඩා ඇමතිය.
සිය තනතුර ගැන අමාත්‍යවරයා බී.බී.සී සංදේශයට කියා තිබුණේ මෙසේය.
“මට වුවමනා වෙලා තියෙන්නේ ක්‍රීඩාව, ක්‍රීඩාව කරන අයට භාරදීලා, මගේ පාඩුවේ ක්‍රීඩා ඇමතිවරයා විදියට වැඩ කරන්න.”
