තරු හුට පට

විමල්ගේ ගම්මන්පිලගේ පක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉවතට

wimal with gammanpila

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණත්, උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමයත්, අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නොසැලකීමට පෙරේදා රැස්වූ පක්ෂ නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පවත්වා ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ දේශපාලන පක්ෂ හයක් පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස පිළිගැනීමටයි. ඒ අනූව එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය , දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස පිළිගැනේ.

මේ‍ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස නොසැලකෙන අතර ඒවායේ නායකයන්ට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් ද අහිමිවනු ඇත. එසේම පක්ෂ නායකයන් ලෙස ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු වරප‍්‍රසාද ද අහිමි වේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පක්ෂ නායකයෙකුට ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමේ අවස්ථාවක් ලබාදී ඇති අතර මින් ඉදිරියට විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට එම අවස්ථාවද අහිමිවනු ඇති බව වාර්තා වේ.

මේ අතර විමල් වීරවංශ මහතා අදාළ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ ජවිපෙ උවමනාවට එය සිදුව ඇති බවයි. එසේ වුවද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ පසුගිය මහමැතිවරණයට තරඟ කළ පක්ෂ පමණක් පිළිගත් පක්ෂ ලෙස සැලකීමට පක්ෂ නායකයින් තීරණය කර ඇති බවකි.

 

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!