වසර 30ට පසු යුවළක් පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබේ.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ දයා ගමගේ මහතා සහ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මිය මෙලෙස මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්හ.
කීර්තිමත් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ දයා ගමගේ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ද වෙයි.
අනෝමා ගමගේ මැතිණිය මින් පෙර 2010-2015 පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අතර පසුගිය රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළේය.
මින් පෙර අවසන් වරට යුවළක් පාර්ලපිමේන්තුව නියේජනය කළේ හාරිස්පත්තුව හා කුණ්ඩසාලේ මන්ත්‍රීවරුන් වූ එක්සත් ජාතික පක්ෂයේ ආර්. පී. විජේසිරි මහතා හා එල්.එම්. විජේසිරි මහත්මිය වෙයි.