නව පුරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන දසුන් මියගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඊයේ පැවති මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබුණා.
ඊයේ සවස දසුන්ගේ දේහය ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබුණා.
මේ අතර මානසික පීඩනය දරාගත නොහැකිව තමන්ගේ කැමැත්තෙන්ම සියදිවි හානිකරගන්නා බවට දසුන් ලියූ ලිපියක් පොලිසිය සොයාගෙන තිබුණා.
එහි සඳහන්ව තිබුණේ මෙලෙසින්..
“දසුන් නිශාන් ද සිල්වා වන මාගේ සියදිවි හානි කරගැනීම මා විසින් මාගේ උවමනාවට සිදුකර ගන්නා නිසා මේ සඳහා කිසිම පුද්ගලයෙකු වගකීමට අවශ්‍ය නැත.
මං මගේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා මෙම තීරණය ගනිමි”
තවද දසුන් ගෙලවැලලාගන්නා ආකාරය සිය ජංගම දුරකථනයෙන්ම වීඩියෝ ගතකර තිබීමද විශේෂත්වයක්.
සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරූ පළමු අවස්ථාවේදී එය ව්‍යර්ථ වී ඇති අතර ඉන් අනතුරුවයි යළිත්වරක් ඔහු ගෙලවැලලාගෙන තිබෙන්නේ.
දසුන් ලියූ සංවේදී ලිපිය පහතින්…
