Gossip

ඒ ආදරය මට ගොඩක් දැනුනා, ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ – නයනතාරා වික්‍රමාරච්චි

මිනිසුන්ගේ ආදරය ප්‍රසාදය දිනාගන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.
ඒ විදිහට රංගන දක්ෂතාවය නිසා එම වාසනාව හිමිකරගත් කෙනෙක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ.
ඇය මෙවර සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළිය වශයෙන් සම්මාන දිනාගත්තා.
එම ජයත් ඇය පැමිණි ගමන්මඟගැනත් නයනතාරා කියලා තිබුණේ මේ විදිහට.

නයනතාරා,මෙවරත් ජනප්‍රියම නිළිය ඔබ ?
ඔව් ඒ ගැන ගොඩාක් සතු‍ටුයි.මිනිස්සුන්ගේ කැමැත්ත ලබාගන්න තියෙන එක කොයිතරම් වටිනවද ? මම මගේ රටේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් ආදරයෙන් ස්තූති කරනවා.ක්ෂේත්‍රයට ආව කෙටි කාලය තුළ මේ තරම් ආදරයක් ලබාදීම පිළිබඳව

එදා සම්මානය දෙවන වරටත් ලබාගත්ත රාත්‍රිය ගැන යමක් කීවොත් ?
ගොඩක් සතු‍ටු හිතුණා.ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරය ගොඩක් දැනුණා.වචනයෙන් විස්තර කරන්න බැරි අවස්ථාවක්

ජනප්‍රියම නිළියගෙන් මිදිලා දක්ෂතම නිළිය වෙන්න කාලය හරි නේද දැන් ?
අම්මෝ එහෙමම කියන්න බෑ.මම තවම පටන්ගත්තා විතරනේ.. තව ඉගෙනගන්න දේවල් කොයිතරම් නම් තියෙනවද ?හෙමින් දුර ගමනක් යන්නයි ආස මම.

ඔබගේ සමකාලීන නිළියන් ඔබට අභියෝගයක් ද ?
අපි ඉතින් එකම ක්ෂේත්‍රයේ ඉන්න යාලුවෝනේ.එයාලත් දක්ෂයි.නැත්නම් මෙහෙම ක්ෂේත්‍රයේ ‍රැදෙන්න බැහැනේ.අභියෝගයක් කියනවටත් වඩා අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක් විදිහට මම සලකන්නේ.

ඔබ රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණය ගැන යමක් කීවොත් ?
සිනමා නිර්මාණ තුනකට දායක වුණා.දෙකකම වැඩ කටයුතු ඉවරයි.ඉතා ඉක්මනින් එක සිනමා නිර්මාණයක් දකින්න පුළුවන් වෙයි.ඒක අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ සිනමා නිර්මාණයක්.ඒ වගේම වෛද්‍ය කපිල සූරිය ආරච්චි මහත්මයගේ සිනමා නිර්මාණයකත් වැඩ කටයුතු මේ වෙනකොට සිදු කරලා අවසන්.ඒ සිනමා නිර්මාණ ඉදිරියෙදි දකින්න ලැබෙයි ප්‍රේක්ෂක ඔබට.

ඔබට ස්තූති කරන්න ගොඩක් අය ඇති. ඒ අය ගැනත් සඳහන් කරමු නේද ?
අම්මටයි තාත්තටයි.ඊට අමතරව මම රංගනය හදාරපු පාසල් වලට සහ මට රංගනය කියා දුන් ආදරණීය ගුරුවරුන්ට.ඊට අමතරව මට රංගනය පිළිබඳ කියාදුන් මට උදව් කළ සියළුම ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂකවරුන්ට,ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට.දෙවෙනි ඉනිම අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතා ඇතුළු සියලු දෙනාට හා ටීවී දෙරණට.ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මම නැවත වරක් ආදරයෙන් ස්තූතියි කියනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!