ධම්මික පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න අංක එකේ කෝටිපතියෙක්.
පසුගිය දවසක ධම්මික පෙරේරා විසින් කෝටි 16 ක් වටිනා Bentley Mulsanne Hallmark මෝටර් රථයක් ආනයනය කර තිබුණා.
මේ ගැන අන්තර්ජාලය පුරාම විවිධ කතා පැතිරුණා.
සමහරු කිව්වේ මේ සල්ලිවලින් අසරණ මිනිස්සුන්ට දෙයක් කළානම් හොදයි කියලයි.
ඒ හැමදේටම හොඳ උත්තරයක් මුහුණුපොතේ තරුණයෙක් තබා තිබුණා.
ඒ ඔහුගේ මේ ක්රියාව දකින හුඟ දෙනෙක් ධම්මික පෙරේරා මිනිසුන් වෙනුවෙන් කරන කිසිත් නොදකින බවයි..
එම සටහන පහතින්..
කෝටි 16 ක් දීලා ධම්මික පෙරේරා කාර් එකක් ගෙනල්ලා.
ලංකාවටම එකයි.
දැන් ඉතිං ලංකාවෙ ඉන්න කුහක ඉරිසියාකාරයෝ ටික උන්ගෙ අඳෝනාව පටන් ගනියි?කණක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.
“”අපරාදෙ ඔය සල්ලි වියදම් කරපු වෙලාවෙ ගෙයක් දොරක් නැති දුප්පත් මිනිස්සුන්ට ගෙයක් දොරක් හදලා දෙන්න තිබුණනෙ””
“”කුඩු විකුනලා වෙන්න ඇති””
“”කන්න නැතිව අඳින්න නැතිව කී දෙනෙක් ඉන්නවද ? උන්ට දුන්න නම් හෙන ගහනවද ? “”
“”අපේ වගේ දුප්පත් රටකට ඕවා ගැලපෙන්නෙ නෑනේ , අපේ රටේ පාරවල්වල ඕවට දුවන්න බෑනේ “”
“”තම්බිලා උන්ගෙ දුප්පත් උන්ට උදවු කරනවා , අපේ මිනිස්සු නිකං මෙහෙම නාස්ති කරනවා””
ආදී මෙකී නොකී ගොඩක් කයි කතන්දර කියාවි සහ ලියාවි.
මුන්ගෙ තියරියට අනුව ඉතිං තමන් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි තමන්ට ඕන විදියට වියදම් කරන්නවත් ඒවයෙන් ඉන්න ටිකේ සැප විඳින්නවත් බෑ.ඔක්කොම වෙස්සන්තර වගේ දන් දෙන්න ඕන ?
හැබැයි ඉතිං එහෙම හිතන සහ කියන උන් තව මනුස්සයෙක්ට රුපියලක් පිනට දෙන්නෙවත් නෑ.ඇත්ත ඕකයි.
තව මනුස්සයෙක්ගෙ දියුණුව දකින්න බැරි කුහක මිනිස්සුන්ට තව මිනිහෙක් විඳින සැප දිහා බලලා හිත හදාගන්නවත් බෑ.අපේ රටේ සම හරක් නෙවෙයි බහුතරයක් මිනිස්සු ඔන්න ඔය වගේ.
මිනිස්සු තමන්ට ඕන විදියට ජීවත් විය යුතුයි කියලයි ඔවුන් හිතන්නෙ.
ධම්මික පෙරේරා මට කල නොහැකි දෙයක් කිරීම ගැන මටනම් පට්ට
