Gossip

බංග්ලාදේශයට ඇපත් නැතිකරමින් සිංහ පිළට ජය ගේන්න හතුරුසිංහ ගහපු ගේම් එක මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වෙනවා.
තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වනවා.
විචාරකයින් පවසා තිබෙන්නේ අතර තරගයේ තණතිල්ල බංග්ලාදේශයට හිතකර බවයි.
තවද ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරගාවලි පුරාම දක්ෂතා දැක්වූ බවත් වසර ගණනාවක් බංග්ලාදේශය පුහුණුකළ චන්දික හතුරුසිංහ මෙම ක්‍රීඩකයන්ගේ සහ තණතීරුව ගැන අත්දැකීම් ඇති බවත්ය.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු ලෙස සේවය කළේ 2014 වසරේ සිටයි.
බංග්ලාදේශය ඉහළට ඔසවා තැබීමේ වැඩි ගෞරවයක් චන්දික හතුරුසිංහට හිමිවනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ සියල්ල චන්දික දන්නා බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුහුණු කිරීම තුලින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ ලබාගැනීමට හැකිවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ ගැන කළ විමසීමකදී චන්දික පවසා තිබුණේ බංග්ලාදේශයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන සමයේ ලබාගත් අත්දැකීම් මෙම තරගාවලියේදී ප්‍රයෝජනවත් වූ බවයි.
ඒ අනුව ඇතැම් ක්‍රීඩකයන්ට මුහුණදිය යුතු ආකාරයේ සැලසුම් සකස්වු බව ද ඔහු සඳහන් කර තිබුණා.
මෙම තරගාවලිය දෙස බැලූ විට තමාට පෞද්ගලිකවම සතුටු විය හැකි බවද හතුරුසිංහ පවසනවා.
තමාගේ ඉවත්වීමෙන් පසුවද බංග්ලාදේශයේ ප්‍රගතියක් දැකීම තමාගේ සතුටට කරුණක් බවද ඔහු පවසා තිබෙනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමුදුල්ලා සිය හිටපු පුහුණුකරු පිළිබඳ අදහස් දක්වා තිබුණා.
හතුරුසිංහ තම කණ්ඩායම සහ පෞද්ගලිකව සියලුම ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳ දැනුවත්ව සිටින අතර දැනුම මෙම තරගවලදී තමන්ට එරෙහිව යොදාගත් බවයි මහමුදුල්ලා පෙන්වා දෙන්නේ.
ඉතා විශිෂ්ඨ ගණයේ පුහුණුකරුවෙකු වන හතුරුසිංහට එම දැනුම ඉතා හොඳින් පවතින බව ද ඔහු සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!