ශ්‍රි ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ මීළග ප්‍රධාන පුහුණුකරුවා කවුද යන්න පිළිබඳව මේවනවිට ක්‍රිකට් ක්ෂේත්රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. පන්දු රැකීම් පුහුණුකරු ලෙස ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම සමග එක් වූ නික් පෝතස් මේ වන විට ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනවා. ඔහු සිම්බාබ්වේ , ඉන්දියා සහ පාකිස්තානය සමග පැවති තරගාවලිවලිවලදී ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළා.
එළැඹෙන ඉන්දීය සංචාරයේත් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඔහුයි. කලක් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශී‍්‍ර ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
කෙසේ වෙතත් ක්‍රිකට් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා මේ වන විට ටෙස්ට් කණ්ඩායම් රැසක පුහුණුකරු ධුර හොබවන සුවිශේෂී පුද්ගලයින් කිහිපදෙනෙකු ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් කොන්දේසි සහිත ගිවිසුමකට එළැඹෙන්නේ නම් පමණක් ඔවුන් එම ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ ප්‍රධානතම කොන්දේසියක් වී ඇත්තේ වත්මන් පරිපාලනය ඉවත්වී ඊට විරුද්ධ පාර්ශ්වය කි‍්‍රකට් පරිපාලනයට පැමිණියහොත් තමන් එම ධුරයන්ට එක් වන වන බවයි. මෙම කොන්දේසිය ඉදිරිපත් කළ පුහුණුකරුවනු අතර පෝල් ෆ්රාබේස්, චන්දික හතුරුසිංහ , ජෙෆ් මාෂ් සහ ටොම් මූඩීද සිටින බවයි වාර්තා වන්නේ.
පෝල් ෆ්රාබේස්, ජෙෆ් මාෂ් සහ චන්දික හතුරුසිංහ සහ ටොම් මූඩී මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරු දරනු ලැබුවා. එවක පරිපාලනය මෙම පුහුණුකරුවන් සමග සුහදත්වයෙන් කටයුතු කළද වත්මන් පරිපාලනය පිළිබදව තමන්ගේ කිසිදු විස්වාසයක් නොමැති බවත් , වත්මන් පරිපාලනය්ට ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට සැලකීමට නොදත් මුදල් මත යැපෙන පිරිසක් බවත් ඔවුන්ගේ මතය වී ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මේ හේතුවෙන් මෙම පුහුණුකරුවන් හදිසියේම එම ධුරවලින් ඉවත් වූයේ වත්මන් පරිපාලනය පුහුණුකරුවන්ට එල්ල කළ දැඩි බලපෑම් හේතුවෙන් බවයි පැවසුනේ.
2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ ශී‍්‍ර ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆ්රාබේස් පසුව හදිසියේ එම ධුරයෙන් ඉවත් වීම පිළිබඳවද එම කාලයේදී දැඩි කතා බහට ලක් වුණා.
ටොම් මූඩී 2007 ලෝක අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුය.අතීත තත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම පුහුණුකරුවන් මෙලෙස වත්මන් කි‍්‍රකට් පරිපාලනයට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවන්ට සහ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලී ද සිල්වාට කරුණු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ
