Gossip

පිරිමින්ට වඩා කාන්තාවන් අවංකයිලු

 

විවාහයක් හෝ ආදර සම්බන්ධයක් සිඳී බිඳී යාමට ප්‍රධානම හේතුවක් වන්නේ එකිනෙකා කෙරෙහි වන විශ්වාසය බිඳී යාමයි ආදරයෙන් වෙලි සිටින යුවළකගෙන් සැමියා හෝ බිරිඳ අනෙකාට හොරෙන් වෙනත් සබඳතා පැවැත්වීමත් අනෙකාට ඒවා හෙළි වීමත් යුඟළ සබඳතා බිඳි යාමට හේතු වෙනවා. මෙවැනි දේ පිළිබඳ ලොව කුමන රටකින් වුවත් නිදර්ශන සොයා ගන්නට පුළුවන්.

පසුගිය දා එක්සත් රාජධානියේ යුඟළ සබඳතා පිළිබඳ තොරතුරු විමසා බැලෙන එරට විවාහක යුවළ 1200 ක් ඇසුරින් කරන ලද සමීක්ෂණයක දී හෙළි වුයේ එරට විවාහක යුවළ අතරින් වැඩි දෙනෙකු ගේ සහකරු‍වා හෝ සහකාරිය වෙනත් සබඳතාවල පැටලී හසුවී ඇති බවයි. මෙවැනි සබඳතාවක් අනෙකාට හෙළි වු පසු ‘සමාව දීම’ අතින් කාන්තාවන් පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටින බව එම සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. එයින් කියවෙන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් තම සහකාරිය රවටා ඇති බවයැයි ද එම සමීක්ෂකයන් පවසනවා.
සමීක්ෂණයට සහභාගී වු යුවළ අතරින් කාන්තාවන්ගෙන් 60% ක්ම තම සැමියන් කළ වරදට සමාව දී යළිත් බාරගන්නට සුදානම් වුණ අතර එම වරද හදාගන්නට හැකි වේය යැයි බලාපොරොත්තු වු බවත් හෙළි වී තිබෙනවා.

ඔවුන් ගෙන් හරි අඩක්ම පවසා ඇත්තේ සිය සහකරුවන්ට වරද වටහා දුන් පසු යහමගට ගත හැකි බව තමා විස්වාස කරන බවයි. එහෙත් වරදෙහි බැඳුණු සහකාරියට සමාව දී යළි බාරගන්නට කැමති වී තිබුණේ පිරිමින් ගෙන් 20% ක් පමණයි.

කාන්තාවන් ගේ සමාවදෙන සුළු කාරුණිකභාවය නිසාම පිරිමින් යළි යළිත් ඒ වරදම කරන්නට පෙළඹෙන බවත් එම සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. කාන්තාවන් එකම වරදට යළි ‍යළිත් පෙලඹෙන්නේ කලාතුරකින් බවද, එවන් කතුනට සමාව දීමට පිරිමින් සුදානම් නැති බවද පෙනී ගොස් තිබෙනවා.
මෙම සමීක්ෂණයට සහභාගී වු යුවළ අතරින් 60% ක්ම තම සහකාරියට හොරෙන් අන් කතුන් සොයා ගොස් හෝ ඒ සඳහා තැත් කර තිබෙනවා. ඒත් කාන්තාවන් එලෙස උත්සාහ කර ඇත්තේ ඉතා සුළු පිරිසක්. පිරිමින් වැඩිපුර වරදෙහි බැ‍ඳෙනවා මෙන්ම කාන්තාවකට ඒ සඳහා අවසර හෝ සමාව දෙන්නටත් සුදානම් වන්නේ නෑ.
පති භක්තිය , ආදරය හෝ පැවැත්ම යන කවර කරුණක් හෝ නිසාවෙන් කාන්තාව පිරිමින්ට යළි යළිත් සමාව දීමට පෙලඹෙන මුත් පිරිමින් ඒ අවස්ථාව වැරදි ලෙස භාවිතා කරන බව එම සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. යුරෝපයේ වුවත් ආසියාවේ වුවත් මේ තත්වය බොහෝ දුරට එක සමානයි.‍ මෙයින් හෙළි වන්නේ ආදරය හා යුවළ සබඳතාවල දී කාන්තාව අ‍වංක හා විශ්වාසනීයත්වය අතින් බොහෝ දුර‍ට පිරිමින් අබිබවා සිටින බව යැයි එම සමීක්ෂණයෙන් පවසා සි‍ටිනවා.

Daily mail ඇසුරිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!