Gossip

ඇමෙරිකාවේ මියුසික් වීඩියෝවකට ගිය සචිනි

හොලිවුඩ් ටෙලි සීරිස්‌ එකකටත් ආරාධනාවක්‌ ලැබුණා…

sachini පහුගිය දවස්‌වල ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවට සහභාගී වුණු ජනප්‍රිය නිළි සචිනි අයේන්ද්‍රා දැන් හොලිවුඩ් නිර්මාණවලත් දකින්න පුළුවන්. වැඩි කතා බහක්‌ නැතුවම හොලිවුඩ් ගිය සචිනිගේ අලුත් වැඩ කටයුතු ගැන සති අන්ත පුවත් පතකට මෙසේ සංවාදයක් ලබා දී තිබුණා.

මේ දවස්‌වල මොකද කරන්නේ?

සේනක විඡේසිංහගේ පළමු චිත්‍රපටය, මේඝ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු එක්‌ක තමයි මේ ටිකේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඉදිරි මාස කිහිපයේ ඒවායේ රූගත කිරීම් පටන් ගනීවි.

මේඝ සටන් ජවනිකා සහිත චිත්‍රපටයක්‌ නේද?

ඔව්… හැබැයි මට සටන් ජවනිකා නිරූපණය කරන්න නැහැ. නමුත් මම ඇක්‌ෂන් මූවි එකකට සම්බන්ධ වෙච්ච පළමු අවස්‌ථාව තමයි මේක.

කාලෙකදි ඔබ නිතර දකින්න ලැබුණා. නමුත් දැන් එහෙම නෑ නේද?

පහුගිය කාලයේ චිත්‍රපට හතරක මම රූගත කිරීම් කළා. ඒත් ඒවා තවම තිරගත වුණේ නැහැ. අනික මම ළඟදි ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණේ නැහැ. ඉතිං ඒ නිසා වෙන්නැති එහෙම දැනෙනවා ඇත්තේ.

හැබැයි ඔබ බුඩි කීර්තිසේනගේ ටෙලි සීරීස්‌ එකක රඟපෑවා නේද?

ඔව්… ඒක විකාශය වෙන්න තියෙනවා. රූමස්‌සල. අපි එදිනෙදා දකින ඒවාට වඩා මේක වෙනස්‌ නිර්මාණයක්‌ වේවි. කොහොමත් බූඩි වෙනස්‌ වැඩ කරන කෙනෙක්‌නෙ. ඉතිං එකේ මමත් සමනලිත් සරසවි සිසුවියන් දෙදෙනකුගේ චරිත නිරූපණය කරන්නේ. මේක ඇත්ත සිදුවීම් ඇසුරින් ලියවුණු කතාවක්‌. හරිම සිත් ගන්නා සුළු කතාවක්‌ ඒක. ඉස්‌සරහදි දකින්න පුළුවන් වේවි.

දැන් සචිනිට නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා අඩුද?

ආරාධනා ලැබෙනවා. නමුත් දරුවෝ දෙන්නගේ වැඩත් එක්‌ක ගොඩක්‌ දේවල් භාර අරගෙන බැහැ ඉතිං. තව ටික දවසකින් ඒ තත්ත්වය මග ඇරේවි. මොකද මගේ පොඩි බබාට දැන් අවුරුදු තුනයි. ඒ දෙන්නා තව චුට්‌ටක්‌ ලොකු උනාම මට මීට වැඩිය වෙලාවක්‌ මගේ රඟපෑමේ කටයුතුවලට හොයා ගන්න පුළුවන් වෙයි. මේ වෙලාවේ මගේ ජීවිතේ ප්‍රමුඛ තැන ඒ දෙන්නා. ඒ නිසා ලැබෙන ඔක්‌කොම වැඩ භාර අරං කරන්න බැහැ. නමුත් ලැබෙන හොඳ නිර්මාණ පුළුවන් තරමින් භාරගෙන කරනවා.

නැවත නිර්මාණයක්‌ නිෂ්පාදනයට කාලේ හොඳ නැද්ද?

අවුරුදු පහකට විතර කලින් අපි නිෂ්පාදනය කරපු අඟර දඟර ළමා චිත්‍රපටය තාමත් රූපවාහිනී නාලිකාවල නිතර දකින්න ලැබෙනවා. ඒක අපි ව්‍යාපාරයක්‌ විදිහට නෙමෙයි කළේ. ඊට පස්‌සේ තාම අපි ඒ ගැන හිතුවේ නැහැ. සමහරවිට ඉදිරි කාලයේ තව චිත්‍රපටයක්‌ අපි නිෂ්පාදනය කරාවි. හැබැයි ඊට කලින් බොහෝ විට අපි ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කරන්න ඉඩ තියෙනවා.

ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවට ඔබ සහභාගී වුණා. නැවත එවන් තරගාවලියකට සහභාගී වෙන්න හිතුවේ නැද්ද?

ගිය අවුරුද්ද සහ මේ අවුරුද්ද මං ඒකට තමයි මහන්සි උනේ. ඒ මහන්සියේ ප්‍රතිපලයක්‌ විදිහට මට එහිදී මෙඩ්ල්ස්‌ හතරක්‌ හිමි වුණා. ඉතිං මේ පහුවුන ජුලි මාසයේ ඉඳන් තමයි මං ටිකක්‌ විවේකිව ඉන්නේ. ඒ නිසා නැවත ඒ සඳහා ඉදිරිපත් වෙන්න නං මගේ බලාපොරොත්තුවක්‌ නැහැ. මොකද ඒක ලේසි නැහැ, හරිම වෙහෙසකරයි.

සචිනි අයේන්ද්‍රා දැන් හොලිවුඩ් නිර්මාණවල දකින්න පුළුවන් නේද?

ඒක මට ලැබුණ පුංචි අවස්‌ථාවක්‌. නමුත් ඒ ගැන මං සතුටුයි. ඇත්තටම මං සහභාගී වුණු කලින් කියූ තරගාවලිය නිසා තමයි මට ඒ අවස්‌ථාව ලැබුණේ. එහිදී මාව දැකපු ඇමරිකානු නව පරපුරේ ක්‍රිස්‌ටීන් රෝස්‌ කියන ගායිකාව එයාගේ දෙවැනි ගීතය අයි වෝන්ට්‌ යුට්‌ ගීතයේ මියුසික්‌ වීඩියෝ එකට ආරාධනා කළා.

ඇයි මේ ගැන වැඩිය කව්රුත් නොදන්නේ?

ඇත්තටම අපේ රටේ ඉංග්‍රීසි ගීත ජනප්‍රිය වෙනවා අඩුයිනේ. අනික ඇයත් අලුත් ගායිකාවක්‌. මං මේ ගැන කියන්න උත්සහ කළෙත් නැහැ ඉතිං. නමුත් මේ ගීතය ඒ රටේ නාලිකාවල ප්‍රචාරය වෙනවා.

ඒ නිර්මාණයට විතරද ඔබ එහිදී දායක වුණේ?

තවත් හොලිවුඩ් නිර්මාණයකට ආරාධනා ලැබුණා. ඒක ටෙලි සීරීස්‌ එකක්‌. හැබැයි තාම ඒ වැඩ ටික පටන් ගත්තේ නැහැ. ඉතිං මං කැමතියි පුංචි දෙයකට උනත් ඔවුන්ගේ දායක වෙන්න. මොකද ඉගෙනගන්න දේවල් හුඟක්‌ තියෙන නිසා.

මියුසික්‌ වීඩියෝවල පෙනී සිටිනවා ඔබ. ගීතයක්‌ ගයන්න අදහසක්‌ නැද්ද?

මට නං ඇත්තටම ආසයි ගීතයක්‌ ගායනා කරන්න. මොකද නිළියක්‌ වෙන්න කලින් මං ආසාවෙන් හිටියේ ගායිකාවක්‌ වෙන්න. නමුත් පහුගිය කාලේ හුඟක්‌ අය ගීත ගායනා කළා. ඉතිං ට්‍රනේඩ් එකටම ඒක කරන්නේ නැතුව සුදුසු වෙලාව අවස්‌ථාව ආවම ඒක වෙයි.

ඉංග්‍රීසි ගීතයක්‌ද? සිංහල ගීතයක්‌ද?

මං හිතන්නේ මං ගායනා කළොත් සිංහල ගීතයක්‌ වේවි ඒක. මොකද මං පෞද්ගලිකව ඉංග්‍රීසි ගීත ඇහුවත් අපේ රටේ හුඟක්‌ අය මාව දන්නේ රංගන ශිල්පිනියක්‌ හැටියටනේ. ඉතිං මං මොනවා හරි දෙයක්‌ කළොත් ඒ ඔක්‌කොම කැමති විදිහේ දෙයක්‌ වෙන්න ඕනනේ. ඒ නිසා මං සිංහල ගීයක්‌ ගයාවී.

සචිනි කියන ව්‍යාපාරිකයාට මොකද වුණේ?

ඇත්තටම පහුගිය අවුරුදු දෙක තුනේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. මොකද වෙලාවක්‌ තිබුණේ නැහැ. මං විවාහ වුණු මුල් කාලේ ඒ දේවල් කළා. නමුත් මගේ හිත තියෙන්නේ කලාවට. ඇත්තටම ඒ ඔෆිස්‌ ජීවිතේ සහ මට පුරුදු රංගන ජීවිතේ හරි වෙනස්‌. ඉතිං කලාවට තමයි මගේ වැඩි කැමැත්ත. හස්‌බන්ඩ් දෙයක්‌ කිව්වොත්, උදව්වක්‌ ඉල්ලූවොත් ඒක මං අනිවාර්යයෙන් කරනවා. ඒත් මගේ ආසාව මේක නිසා මේ දේ මං කරගෙන යනවා.

ඒ කියන්නේ ඉස්‌සරහට ව්‍යාපාර වලට ලොකු සම්බන්ධයක්‌ නැහැ?

මෙහෙමයි… ව්‍යාපාර වලට මං සම්බන්ධ වෙයි, රඟපෑමේ කටයුතු මට නැතිවෙලා ගිය දවසක වගේ. එහෙම වෙන වැඩකුත් නැතුව හිටියොත් මං ව්‍යාපාර වලට සම්බන්ධ වෙයි. නමුත් ඉතිං දැනට ඒ වැඩවලට පූර්ණකාලීනව යොමු වෙන්න අමාරු තරමට කලා කටයුතු වල කාර්ය බහුලත්වය තියෙනවා.

ඔබේ දරුවන් මේ වෙද්දි කලා කටයුතුවලට යොමු වෙලාද?

ඒ දෙන්නා ඇත්තටම කලාවට නැඹුරුයි. නමුත් මං එකට වැඩිය පොළඹවන්නේ නැත්තේ ඉස්‌සෙල්ලා ඉගනීමේ වැඩ කරන්න ඕන නිසා. හස්‌බන්ඩ් ඇත්තටම කැමති නෑ ඉගෙනගෙන ඉවර වෙනකං ඒ සම්බන්ධ දේවල් වලට ගිහිල්ලා ඉගනීම අතපසු කරගන්නවට. ඒකයි මං වැඩිය උනන්දු කරවන්නේ නැත්තේ. නමුත් එයාලා දිහා බැලූවම පේන්නේ එයාලා කලාවට වැඩියෙන් කැමතියි කියලා. ඒ දේවල් ඉගෙනගන්න මං දැනට දරුවන් යොමු කරලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!