Gossip

“දෙයියනේ කියලා එතුමට එන්න දෙන්න” – ක්‍රිකට් හදන්න එන හතුරුසිංහ නිසා ගිනි ඇවිලෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය කාලේ පුරාවටම ලබපු පරාජයන් නිසා පුහුණුකරුවන් හා බලධාරීන් කිහිප දෙනෙකුම අයින් වෙලා ගියා.
මේ අතරේ තමයි අපේ ටීම් එකේ ඊළඟ පුහුණුකරු විදිහට කටයුතු කරන්න බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහට ආරාධනා කර ඇති පුවත් පැතිරුණේ.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණා.
“දෙයියනේ කියල එතුමාට එන්න ඉඩ දෙන්න. අපි හොඳ දෙයක් කරනවා” අමාත්‍ය දයාසිරි ජයසේකර, එම කැබිනට් මාධ්‍ය හමුවේ දී සඳහන් කර තිබෙනවා.
“එතුමාටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා, බංගලාදේශ් කණ්ඩායම සමගයි – ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට තරඟ කරන්නේ. ඉන්දියානු සංචාරයෙන් පස්සේ, පළමුවෙන්ම එතුමාට යන්න වුනොත් යන්න වෙන්නේ බංගලාදේශයට. බොහෝ දුරට ඒක හරි යයි කියලා අපි විශ්වාස කරනවා. 2019 වෙන තෙක් එතුමා බංගලාදේශය සමග ඉන්නයි නියමිතව තිබුණේ. ඒ නිසා ඒ පැත්තෙන් ප්‍රශ්න එන්න පුළුවන්” ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර එහිදී පැවසුවා.
චන්දික හතුරුසිංහට බංගලාදේශය සිය කණ්ඩායමේ පුහුණුකරු හැටියට ඇමරිකානු ඩොලර් 40,000 කට වැඩි මාසික මුදලක් ගෙවා ඇති අතර එවැනි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට ශක්තියක් තිබේදැයි මාධ්‍යවේදියකු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
එයට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ චන්දික හතුරුසිංහ එතරම් වැටුපක් බලාපොරොත්තු නොවන බවයි.
“අපි එතුමාට කිව්වේ 2019 වෙනකම් වගකීම් බාර ගෙන වැඩ කරන්න කියලයි. වැටුප ගැන එතුමා කිව්වා-ඔහු එතරම් මුදලක් ගැන හිතන්නේ නැහැයි කියලා. රට වෙනුවෙන් වැඩ කොටසක් කරන්න තියෙනවා කියලයි එතුමා කිව්වේ” ක්‍රීඩා ඇමතිවරයා පවසයි.
“එතුමා දැනට ඩොලර් 40,000 ක් වගේ වැටුපක් ගන්නවා. ඒ වැටුප පැත්තකින් තියලා අභියෝග මැද අපේ ක්‍රීඩකයන් බාර ගැනීම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කළ යුතුයි”
කෙසේ වුවද, ශ්‍රී ලංකාව විසින් වැඩිම මුදලක් ගෙවා ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වනු ඇතැයි මාධ්‍ය වාර්තා කරන්නේ.
චන්දික හතුරුසිංහ සමග බංගලාදේශයේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු තනතුර බාර ගෙන අවසන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!