Gossip

මේ වෙනකොටත් මම කෙනෙකුට හිතින් ආදරේ කරනවා – හේමාල් රණසිංහ

හේමාල් රණසිංහ කියන්නේ රිදී තිරය ජයගත්ත රංගන ශිල්පියෙක්. ඉතින් මේ දවස්වල ඔහුව නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. ඉතින් හේමාල් ආදරය ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැන පුවත්පතක් සමග කියා තිබුණේ මෙලෙසින්.

අලුත් සිනමාපටයට ඔබත් එක්ක එකතුවෙන්නේ රංගනයට අලුත් මුහුණු දෙකක්. ඒ චරිත දෙක එක්ක සිනමා කාචය ඉදිරියේදී ඔබට අපහසුවක් අභියෝගයක් වුණේ නැද්ද?
චූලක්ෂි සහ ටීනා කියන්නේ නිරූපණයට සම්බන්ධ අය. මේ දෙන්නම නිරූපණයට ආවේ මම නිරූපණයෙන් අයින් වුණාට පස්සේ. කොහොම නමුත් මම ඒ දෙන්නවම දන්නවා. මේ දෙන්නාගේ හැඩතල දෙකක්. දක්ෂතා දෙකක්. ඒක චිත්‍රපටයට හොඳින් ගැලපුණා. මට අපහසුවක් වුණෙත් නැහැ හොඳ අවබෝධයක හිටිය නිසා.

ඔය කියන සිනමා කෘතිය අතිශයින් ජනප්‍රිය වුණත් සාර්ථක නිර්මාණයක් වුණත් එක් දර්ශනයක් ගැන ඇතැමුන් කතා කියනවා. ඔබ ටීනාට දෙන තොල් හාදුව ගැන.
ඒ දර්ශනය පිටපතේ තිබුණා. අධ්‍යක්ෂකගේ තීරණය තමයි ක්‍රියාත්මක වුණේ. සමස්ත සිනමාපටයම ප්‍රසාදය හිමිවෙලා තියෙනවා.

රිදී තිරය ජයගත් හේමාල්ට පුංචි තිරය අකැපද?
මම හෙට දවස ගැන දන්නේ නැහැ. මට අනාගතේ ගැන ලොකු හීන නැහැ. ඒ නිසා මට ඕන දැනට හේමාල් රණසිංහ කියන චරිතය පුළුල් තිරයේ දකින්න විතරයි. රිදී තිරයේ තියෙන දැවැන්තකමට මම ආසයි.

බොහෝ දෙනෙක්නම් කියන්නේ හේමලා ආඩම්බර චරිතයක් කියලා?
ජනතාව හිතන විදිය විවිධයි. එක එක විදිහට දකින්න හිතන්න පුළුවන්. මම ඒකට වරදක් කියන්නේ නැහැ. නමුත් මම මට ආදරේ කරන ජනතාවට ඇයි ආඩම්බර වෙන්නේ. ඔවුන්ගේ ආදරේ තමයි අපිව බොහෝ දුර අරගෙන යන්නේ. මම නම් ආඩම්බරෙන් ඉන්නවාට වඩා ආදරේ ලබන්න කැමතියි.

කලවයස හරි. විවාහයක් කරගන්න කියලා දෙමාපියන් හේමාල්ට නීති ගෙන එන්නේ නැද්ද?
විවාහයට විතරක් නෙවෙයි කිසිම දෙයකට මට මගේ දෙමාපියන් බලපෑමක් කරන්නේ නැහැ. හැමදාමත් මගේ තීරණ මට ගන්න ඉඩ දුන්නා. මම ගත්ත වැරදි තීරණවලිදී හරිගස්සන උත්සාහ කළේ නැහැ.නමුත් ඒ වෙලාවට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. අදටත් එහෙමයි. විවාහයේදීත් එහෙමයි. මම හිතනවා මට විවාහ වෙන්න තව කල් තියෙනවා කියලා.

ඒ කියන්නේ හේමාලට තනිකමෙන් හා තනියම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා?
විවාහ වුණ අය හිතනවා අපරාදේ විවාහ වුණේ තනියම ඉන්න තිබුණා කියලා. තනිකමෙන් ඉන්න අය හිතනවා තනිකමෙන් ඉන්නවාට වඩා හොඳයි විවාහ වුණා නම් කියලා. මටත් තනිකම දැනෙන වෙලාවල් තියෙනවා.

ඇත්තටම කාටවත් මේ වෙනකොට ආදරේ හිතිලා නැද්ද? එහෙම නැත්නම් මාධ්‍යට ප්‍රේමය වසන් කරලාද?
මට දැන් පෙම්වතියක් නැහැ. මම හිතින් ආදරේ කරලා තියෙන ගැහැණු ළමයි ඉන්නවා. මගේ ආදරේ ප්‍රකාශ කරලා නැහැ. මේ වෙනකොටත් මම කෙනෙකුට හිතින් ආදරේ කරනවා. එයාට ආදරේ ප්‍රකාශ කරලා නැහැ. එයාට මග් ආදරේ දැනිලා නොදැන වගේ ඉන්නවාද දන්නෙත් නැහැ.

හිතට දැනෙන කෙනෙකුට ආදරේ ප්‍රකාශ නොකර ඉන්න එක පසුතැවීමට හේතුවක් වෙලා නැද්ද?
අපරාදේ කියලා හිතිලා තියෙනවා. එහෙම හිතෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!