Gossip

මංගලට-මුදල්..රවීට-විදේශ කටයුතු..ගයන්තට-රාජ්‍ය පරිපාලන…ජෝන්ගේ ඉඩම් ඇමතිධූරය පිටයයි-කැබිනට් සංශෝධන මෙන්න

ඇමැති මණ්ඩල සංශෝධනය ලබන සඳුදා (22) සිදුවන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට කෙසේ කොහොම ඇමතිධූර හුවමාරුවක් සිදුවේද යන්න පිළිඳව කුතුහලයක් සමාජයේ පැතිරෙමින් තිබෙනවා.

වෙබ් ගොසිප් අපට ආරංචි මාර්ග වලින් සඳහන් වෙන පරිදි මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එසේම මේ වන විට විදේශ කටයුතු අමාත්‍යධූරය දරන මංගල සමරවීර මහතා හට ජනමාධ්‍ය හා මුදල් ඇමතීධූරය ලබා දීමට යෝජනා වී  ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එසේම පසුගිය දිනවල වැඩි කතා බහට ලක්වුණු ජෝන් අමරතුංග මහතාගේ ඉඩම් ඇමතිධූරය, රංජිත් මද්දුම බණ්ඩාර මහතා හට ලබාදීමට තීරණය වී ඇති බවද දැනගන්නට ලැබෙනවා.

තවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් වන මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත  යන මහත්වරුන් හට දැනට පවතින ඇමතීධූර වලට අමතරව තවත් බලතල සහිතව ඇමතිධූර ප්‍රසාරණයවීමට ඉඩ ඇති බවටද දැනගන්නට ලැබෙනවා.

තවත් නව ඇමතිධූර තුනක් අලුතින් පිරීනැමීමට තීරණය වී තිබෙන බවද එම ආරංචි මාර්ග වලින් සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට මුදල් ඇමතිධූරය දරණ රවී කරුණානායක මහතා හට ලබාදීමට යෝජනා වී ඇත්තේ විදේශ කටයුතු ඇමතිධූරය බවත් ඔහු ඒ සඳහා මේ වන විටත් කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බවත් ආරංචි මාර්ග වලින් පෙන්වා දෙනවා.

ඒ අනුව හෙට උදෑසන (22) උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස කැබිනට් ඇමතිවරුන්ට දැන්වීමට කටයුතු කර ඇති බවද ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!