Gossip

“ශිහාන් මැරුණා කියන එක සුළු දෙයක්”

ගායන ශිල්පී ශිහාන් මිහිරංග ඩෙංගු රෝගය වැළඳී දින කිහිපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් බව අපි ඔබට මීට කලින් දවසක් කිවුවා.

ඔබට මතක ඇති ඒ දවස්වල රාවයක් ගියා ශිහාන් මිහිරංග මිය ගියා කියලත්.

ඒ කතාව ගැන ශිහාන් මෙන්න මෙහෙම කියලා තියෙනවා

” ඇත්තටම ඒ දවස්වල මගේ ලඟ ෆෝන් එකක්වත් තිබුණෙ නෑ. නමුත් මට එදාට පහුවෙනිදා වගේ ඒක ආරංචි වුණා. ඒක ඉතිං මොකක් හරි වෙබ් එකක් මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙන් කරපු එකක්. ඒවා ඉතිං අපේ මිනිස්සුන්ගේ තියෙන පහත්කම් තමයි. මේවගේ වැඩ කරන චරිත දැන් ඉන්නවා. තමන්ගේ අම්මා, තාත්තා, දරුවව හරි මරලා සල්ලි හම්බකරයි. ජාතිය ආගම හැමදේම පාවිච්චි කරනවා. ඒවත් එක්ක බැලුවාම ශිහාන් මැරුණා කියන එක සුලු දෙයක්. ඇත්තටම ඒවා දකිද්දිත් මට හිනා.

ඒවගේ ප්‍රචාරයක් ඔබට හොඳයිද?

ඔව්. ඇස්වහ කටවහ නැතිවෙනවා කියනවනේ.

ශිහාන් මියගියා කියන කතාවත් එක්ක ඔබේ රසික රසිකාවියන් ගොඩක් දුක්වෙන්න ඇති?

ඇත්තටම මම ඒ ගැන මතක් කරන්න ඕන. ගොඩක් අය මං ගැන හොයලා තිබ්බා. ඒ හැම දෙනාටම කතාකරන්න මට බැරිවුණා. මම ෆෝන් එක පාවිච්චි කරේ නෑ. මට බෝධිපූජා තියපු අයත් හිටියා. ඒ අයට ස්තූතියි. ඒ ආශිර්වාදයෙන් තමයි මම අද මෙහෙම ඉන්නේ.

ශිහාන්ට බයක් දැනුනේ නැද්ද?

ලොකු බයක් දැනුනේ නැ. ඒත් තිගැස්මක් තිබ්බා. මට ගොඩක් අමාරු වුණ අවස්ථා කිපයක්ම තිබ්බා. දවස් 11 රෝහල් ගතවෙලා හිටියනේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!