ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුප්‍රකට බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ පැහැය ඊයේ රාත්‍රියේ වෙනස් වී තිබුණි.
ඒ සම්පූර්ණයෙන් දිස්වූයේ වර්ණ 03 කින්.
ඊට හේතු වී තිබුණේ ඊයේ දිනට යෙදී තිබුණු ඉන්දියාවේ 77 වන නිදහස් දිනයයි.
ඒ අනුව ඊයේ රාත්‍රියේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල දිස්වූයේ ඉන්දියාවේ ජාතික ධජයේ ත්‍රෛවර්ණ වන කොල සුදු සහ තැඹිලි යන වර්ණයන්ගෙන්.
එමෙන්ම එම ත්‍රිවර්ණයට අමතරව, ලොව උසම ගොඩනැගිල්ලෙහි “ඉන්දියා මාතාවට සුභ නිදහස් දිනයක්” සහ “ඉන්දියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිත්‍රත්වයට දීර්ඝායුෂ” යන උපුටා දැක්වීම් ද ප්‍රදර්ශනය කිරීමට එමීරයේ බලධාරීන් කටයුතු කර තිබුණි.
