Gossip

කොටි හඬ ඉදිරියේ සිංහ තේජය පෙන්වූ, රටම කතා වෙන බ්‍රිගේඩියර් ප්‍රියංක කවුද..?

නිදහස් දිනය දා ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට අපූරු පිළිතුරක් විදිහට සංඥාවක් නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා ගැන මේ වෙද්දි හැමතැනම වගේ කතාවෙනවා.
තම රට වෙනුවෙන් නොබියව තම සිංහ තේජස පෙන්වූ මේ බ්‍රිගේඩියර්වරයා කවුද..?
ඔහු සිදුකළේ මොනවාද..? මේ දේවල් ගැන දැන් කවුරුත් ඉන්නේ විමසිල්ලෙන්.
ඉතිං අපි හිතුවා ඔහු ගැන පුංචි සටහනක් තබන්න.
වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්ත්තු අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධූරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක් අප රට කොටියාගෙන් බේරාගැනීමට ඉටුකර තිබෙනවා.
බ්‍රිගේඩියර් ප්‍රියංග ජාතිවාදියෙකු නොවේ.
කුමන කතා ඔහුට ඇතමුන් මේ මොහොතේදී කීවද ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමුව තිබුණේ අසාධාරණයට ලක්වූ ද්‍රවිඩ ජනතාවටයි.
කොටින්ගේ ග්‍රහණයේ සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තමි මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමට ඔහු මූලික වී තිබුුණා.
ඒ නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයකු ලෙසින්ද ඔහු ප්‍රකටවූ බව එම ගම්වැසියන්ට අදටත් මතකය.
ඇතමුන් බොරු ආටෝපවලින් වැසී ඉද්දී මොහු ජාති භේදයකින් තොරව තම කඳවුරට පැමිණෙන ඕනෑම අයෙකුට කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයවන්නටත් තරම් ඔහු මිනිසත්කමින්ද උපරිම තැනක සිටි අයෙක්.
අප රට විනාශ කරමින් ජීවිත දහස් ගණනක් උදුරාගත් කොටියා වෙනුවෙන් ලන්ඩන් නුවරදී හඬ නැගූවන්ට ඔහු නිහඬවම ලබාදුන් පිළිතුරක් තිබුණි.
ඔවුන්ට පැහැදිලි කිරීමට ඔහු උත්සහ කළත්, ශ්‍රී ලංකා හමුවාද ගැනත් රට ගැනත් පවතින මතය වැරදි බවත් කීවද කොටියාට ගැති ඒ පිරිස එය පිළිගැනීමට කැමතිවී තිබුණේ නැත.
විදේශ අමාත්‍යංශය ඔහුගේ හැසිරීම මැන බලා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුගේ වගකීම සම්බන්ධ කෝණයෙනි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාද පවසා තිබෙනවා.
යුධ හමුදාපතිවරයා පෙන්වාදෙන්නේ ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!