උඩුකය නිරුවත්ව සිටින තරුණයින් දෙන්නෙක් එක්වී කැලෑවක වැනි ස්ථානයකදී අහිංසක තරුණියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේවන විට සමාජජාල වෙබ් අඩවි වල වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. මෙම පහරදීම සිදුවන ප්‍රදේශයක් ගැන සඳහනක් නැතත් වීඩියෝව බැලූ බැල්මට පෙනෙන්නට තියෙන්නේ මෙම තරුණයින් දෙදෙනාගේ ක්‍රියාව ඉතාම පහත් බවයි.
සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ තවත් තරුණියක සිටින බවක්ද දක්නට ඇති අතර ඇය දැන් ඇති ඇති කියුවත් කිසිත් නොඅසන මෙම තරුණයින් දෙන්නා ඉතාම අමානුෂික ලෙස අර තරුණියට පහරදෙන අතර අවසානයේ ඇය බිම වැටෙන අයුරුද දක්නට ලැබෙනවා.
මේ කතාවේ අගක් මුලක් වීඩියෝව බැලීමෙන් හඳුනා ගැනීමට අපහසු නමුත් නිසි බලධාරීන්ගේ අවධානය මේ ගැන යොමුකරනු ඇතැයි අපේක්ෂාවෙන් මෙය අප විසින් පළ කරන්නෙමු.
තවද මෙම නින්දිත ක්‍රියාව අප හෙළාදකින අතර මේ ගැන සමාජයේ මෙන්ම අදාළ බලධාරීන්ගේ ඇස් යොමුවි වහා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයිද අප වැඩිදුරටත් අපේක්ෂා කරනෙමු.