තරු හුට පට

දරුවන් නැතිව ලතැවෙන සුවහසක් කාන්තාවන්ට සුබ පණිවිඩයක්

10

 

ඇතැම් කාන්තාවන් මියයාමට පෙර පරිත්‍යාග කළ ගර්භාෂ ජීවත් වෙමින් සිටින තරුණ වියේ කාන්තාවන්ට (ගැබ් ගැනීමට අපහසු) බද්ධ කර ළමුන් බිහිකිරීම සඳහා කළ පර්යේෂණයක් සාර්ථක වෙමින්  තිබෙනවා. විවිධ හේතුන් මත දරුවන් බිහිකිරීමට අපහසු කාන්තාවන් සඳහා අලුතින් ගර්භාෂ බද්ධකොට එමගින් දරුවෙකු බිහිකළ හැකි ක්‍රමවේදයක් ගැන අත්හදා බැලීම් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරු කණ්ඩායමක්. මෙම පුවත අනාවරණය කරන්නේ බී.බී.සී ලෝක සේවයයි.

චිකිත්සාගාර මට්ටමේ දිගුකාලීන පර්යේෂණාත්මක අත්හදා බැලීම් වල කොටසක් ලෙස ගර්භාෂ බද්ධ කිරීම් දහයක් සිදු කරනු ලැබීම සඳහා වෛද්‍ය අනුමැතිය ලැබී තිබෙනවා. එවැනි බද්ධ කරනු ලැබුණ ගර්භාෂයක පිළිසිඳ ගත් ලොව පළමු දරුවාගේ උපත පසුගිය වසරේ ස්වීඩනයෙන් වාර්තා වෙලා තියෙනවා. ලෝකයේ පළමු සාර්ථක ගර්භාෂ බද්ධ කිරීම හැටියට ඉතිහාස ගතවී ඇත්තේ ස්වීඩන් වෛද්‍යවරුන්ගේ එම අත්හදා බැලීම බවත් කියවෙනවා.

එහෙත් ස්වීඩන් වෛද්‍යවරුන්ගේ අඩි පාරේ නොයමින් බ්‍රිතාන්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් ගර්භාෂ බද්ධ කරනු ලැබීම සඳහා අවයව ලබා ගෙන ඇත්තේ සිය ගර්භාෂ පරිත්‍යාග කොට මරණයට පත් කාන්තාවන්ගෙන් වීම සුවිශේෂී කරුණක්.

එම සායනය සඳහා අනුමැතිය ලබා ගැනීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරු අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ සිය පර්යේෂණවල නිරත වී තිබෙනවා. එවැනි ගර්භාෂ බද්ධ කරනු ලැබීම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබේ යයි සිතන සීයකට අධික කාන්තාවන් දැනටමත් හඳුනාගෙන ඇති බවත් කියැවෙනවා.

මෙම වෛද්‍යමය ප්‍රයත්නය සාර්ථක වුණොත් බද්ධ කරනු ලැබුණ ගර්භාශයකින් බිහි කෙරෙන බ්‍රිතාන්‍ය පළමු බිලිඳා 2017 වසරේ වසන්ත සමයේ ලොව දකිනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවයි.එම ගර්භාෂ බද්ධ කිරීම කරන්නේ පිළිකා හේතුවෙන් ගැබ් ඉවත් කරන ලද සහ උපතින්ම ගර්භාෂයක් පිහිටා නැති කාන්තාවන් වෙනුවෙන් බවත් කියැවෙනවා.

මේ අත්හදා බැලීම සාර්ථක වුණොත් දරුවන් බිහිකිරීමට නොහැකිව ලෝකය පුරා ලතැවෙමින් සිටින කාන්තාවන්ට එය මහඟු අස්වැසිල්ලක් වනු ඇති.

මෙම පුවත යහළුවන් අතර බෙදාගන්න…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!