තවත් නිල් මැණිකක් ඇලහැර ප්‍රදේශයෙන් හමුවී තිබේ.
ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට වන අතර මෙම නිල් මැණික විශාල ප්‍රමාණයකින් යුක්තය.
එහි බර ග්‍රෑම්485 ක්.
මීට පෙර මෙරට පුද්ගලයකු විසින් මිළදී ගෙන තිබු නිල් මැණිකේ බර ග්‍රෑම් 281 ක් ලෙසටයි සටහන් වුයේ.
එම මැණික කැරට් 4800කින් යුක්තයි.
කෙසේ වෙතත් එහි හිමිකරුවා මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු අදාළ නිල් මැණිකේ වටිනාකම ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ඩොලර් මිලියන 300 ක්.
එම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් ඇලහැර ප්‍රදේශයෙන් හමුවු නිල් මැණික හිමිකරුවා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මැණික් ව්‍යාපාරිකයන් බවයි වාර්තා වන්නේ.
මෙම මැණිකේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
