තරු හුට පට

ස්වාමීන් වහන්සේ නමක් මෝටර් රථයක් නිපදවයි

අපේ රටේ ස්වාමීන් වහන්සේ නමක් අලුත් නිර්මාණයක් කරලා තිබුණා. මෙහෙම අලුත් වැඩක් කරලා තියෙන්නේ බණ්ඩාරවල කිතල්ඇල්ල රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවසන පූජය මඩවල උපාලි ස්වාමීන් වහන්සේයි.

උන්වහන්සේ සූර්ය බලයෙන් ධාවනය කරන්න පුළුවන් රථයක් තමයි අලුත් නිර්මාණයක් විදිහට කරලා තියෙන්නේ.

මේ නව නිර්මාණයට පේටන්ට් බලපත්‍රයක් ද ගන්න ඉදිරියේදී කටයුතු කරනවා කියලා තමයි පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ අපට කිව්වේ.

මේ ස්වාමින්සේ පැවිදි දිවියට එන්නට කළින් විද්‍යා ගුරුවරයෙක් වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා.

උන්වහන්සේ මුලින්ම හැදුවේ සූර්යබලයෙන් ක්‍රියාකරන රෝද පුටුවක්. ඒක පැයට කිලෝමීටර් 12ක වේගයකින් ධාවනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක වැඩිදියුණු කරලා ත්‍රිරෝද රථයක් හැදුවා. ඒකෙන් පැයට කිලෝමීටර් 80ක වේගයෙක් යන්න පුළුවන්. හැබැයි පැය 8ක් මේක චාජ් කරන්න ඕනේ.

මේ නිර්මාණ වලින් උන්වහන්සේ සමාජෙට දෙන ආදර්ශය තමයි අපේ රටේ අය හැමදේම පිටරටින් එනකන් බලාගෙන හිටියට අපේ රටේ අයට මේ වගේ නිෂ්පාදන කරන්න පුළුවන් කියන පණිවුඩය තමයි දෙන්නේ.

 

vehicle

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!