තරු හුට පට

සජීවී වැඩසටහනකදී නිවේදීකාවකට තවත් අකරතැබ්බයක් (වීඩියෝ)

 

live

සජීවී වැඩසටහන් අතරතුරේදී නිවෙදක නිවේදිකාවන්ට එක එක සිද්ධි සිදුවෙනවානේ.

ඔබට මතක ඇති පසුගිය දවසක විදේශ රටක  නිවේදිකාවක් නිවේදන කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසින්  නිවේදිකාව ඇතුළු කැමරා ශිල්පියාට වෙඩි තැබීමක් ද සිදුකළා.

ඒක කොහොම හරි සජීවීව පටිගත වෙලා මුළු ලෝකයම ඒ වීඩියෝව නැරඹුවා.

ඉතින් ඇමරිකාවේ තවත් නිවේදිකාවකට  වඩා වෙනස් ආකාරයේ ඇබැද්දියක් වෙලා.

මෙන්න මේකයි සිද්දිය. පසුගිය දිනක  රාත්‍රිෙය් පමණ ‘මේරි බෙත් මැක්ඩේට්’ නම් රූපවාහිනී නිවේදිකාව සජීවී වැඩසටහනක් කරමින් සිටින අතර වාරයේ ඇයට පිටුපසින් සිටි තරුණයෙක් ඇවිත් ඇයව ස්පර්ශ කරලා දුවලා.

ඒ සිද්ධිය ඒ වෙලාවේ රූගත කළ කැමරාවේ සටහන් වෙලා තියෙනවා.

මෑතකදී ජිවිතක්ෂයට පත්වූ පොප් සංගීතවේදී ඩේවිඩ් බෝවී සම්බන්ධයෙන් කළ සජීවී වැඩසටහනකදී තමා මේක වෙලා තියෙන්නේ.

හැබැයි මේ තරුණයාව තාමත් අත්අඩංගුවට ගැනීම අමෙරිකාවේ පොලිසියට හැකි වෙලා නම් නෑ කියලයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!