තරු හුට පට

බැරැක් ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක්

Barack_ObamaObamaBarack

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සිය කළිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව හෙළිදරව්වක් කර තිබෙනවා.

රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී මෙම හෙළිදරව්ව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයින් විසින් තමාට ලබාදුන් තෑගී මෙලෙස රැගෙන යන බව බැරැක් ඔබාමා  ප්‍රකාශ කර තිබෙනවා.

එම සම්මුඛ සාකච්ඡාවේ දී සිය කළිසම් සාක්කුවෙන් අදාළ දෑ පිටතට ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කරනු ලැබුවා.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පිළිගන්වනු ලබන කිතුණු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂු වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබාදුන් හනුමාන් දේවරූපයක් සහ ඉතියෝපියාවේ සංචාරයකදී ලැබුණු කුරුසයක් ද ඒ අතර දක්නට ලැබුණා.

තමන්ට මුණගැසුණු පුද්ගලයින් සහ තමාට ලැබුණු දේවල මතකයේ තබා ගැනීම පිණිස මෙලෙස ඒවා කළිසම් සාක්කුවේ රැගෙන යාම සිදුකරන බවයි අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ.

Barack_ObamaObamaBarack

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!