පියුමි හංසමාලිගේ 25 වැනි උපන් දිනය ඊයේට යෙදී තිබුණා.
පියුමිගේ යාළුවෝ හැමකෙනෙක්ම වගේ මුහුණුපොත හරහා ඊයේ සුබපැතුම් එක්කරලා තිබුණා.
මේ උපන්දිනය සමරන්න ඊයේ පිියුමි උපන්දින සාදයකුත් සංවිධානය කරලා තිබුණා.
කලා ක්ෂේත්‍රයේ අය වගේම අමාත්‍ය රංජන් රාමනායකත් මේ සාදයට සහභාගී වී තිබීම විශේෂත්වයක්.
ඒ ගැන අන්තර්ජාලය පුරාම විවිධ පුවත් සමඟින් මේ සාදය ගැන හුවමාරු වෙලා තිබුණා.
සමහර කියලා තිබුණා පියුමි සහ රංජන් පෙමින් වෙළෙයි කියලා.
ඒකට පියුමි අපූරු උත්තරයකුත් දීලා තිබුණා.
පියුමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
ඔහු ඉතාමත් නිහතමානී නලුවෙකුද.නලු කම ඔලුවෙ තියාගෙන බොරැවට දගලන නලුවන් අතර.ඔහු මහා පොලවෙ පය ගසා ජිවත් නියම පිරිමියෙකි.නිහතමානි අමතිවරයෙකුය.මා ඔහුගෙ එක් රසිකාවියකි.මාගේ අරාධනයට ඔහු පැමිණීම මාහට ඉමහත් සතුටකි.නමුත් ඔහු හා මා අතර කිසිම වෙනත් සම්බන්දතාවයක් නොමැත.මාගෙ ආදරණීය රසික රසිකාවියන්ට මා අදරයෙන් කියමි.
පියුමිගේ උපන්දින සාදයේ ඡායාරූප පහතින්..
















































