Gossip

උසේන් බෝල්ට් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට

උසේන් බොල්ට් කියන්නේ කවුද කියලා වැඩිහිටි බාල ඕන කෙනෙක් දන්නවා.

ඒ ලෝකයේ වේගවත්ම මිනිසා කියලා. ආයේ ඒකේ විවාදයක් නෑ.

මීටර් 100, මීටර් 50 කියන ලෝක වාර්තාවන්ටත් හිමිකම් කියන්නේ උසේන් බෝල්ට්.

බෝල්ට් වේගපන්දු යවන්නෙක් වෙන්න හීන දැකපු කෙනෙක්ලු. හැබැයි බෝල්ට් ක්‍රිකට් පුහුණුවීම් කරද්දී දුවන වේගය දැකලා තමයි පුහුණුකරු ඔහුව මළල ක්‍රීඩාවට යොමු කරලා තියෙන්නේ.

හැබැයි මේ වෙද්දි බෝල්ට් ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නවා. හැබැයි ක්‍රිකට් සෙල්ලම් කරන්න නෙවෙයි. ක්‍රිකට් සෙල්ලම් කරන ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අයව පුහුණු කරන්න.

ඉතින් පසුගිය දවසක බෝල්ට් ඕස්ට්‍රේලියාවට ගිහින් තියෙනවා.

කඩුලු අතර වේගයෙන් දුවන විදිය තමයි බෝල්ට් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට පුහුණු කරලා තියෙන්නේ.

වේග පන්දු යවන්නෙක් වෙන්න හීන දැකපු බෝල්ට්ට මළල ක්‍රීඩකයෙක් විදියට ක්‍රිකට් ක්‍රීඩකයන්ව පුහුණු කරන්න ලැබුණ එකත් හරිම පුදුම සහගතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!