පසුගිය දිනවල ෆේස්බුක් එක පුරා ගිය රැල්ලක් තමයි බැක් ටු ග්‍රීන් රැල්ල. අයිස් බකට් අමුමිරිස් වගේම මේ චැලෙන්ජ් එකත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
බැක් ටු ග්‍රීන් සහ වයිල්ඩ් රීච් කන්ඩායම් එකතුව නිර්මානය වුනු බැක් ටු ග්‍රීන් චැලෙන්ජ් එකට සමගාමිව බදුල්ලෙ පාසල් රැසක එකවර පැල සිටුවීම සඳහා මේ දිනවල සියල්ල සූදානම්. විශාකා උසස් බාලිකාව, විහාරමහා දේවි බාලිකාව,දර්ම දූත විද්‍යාලය , ඌව විද්‍යාලය , බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය වගේම සරස්වතී දෙමල විද්‍යාලය හා අල් අදාන් මුස්ලිම් විද්‍යාලය ත් මේ සඳහා එකතු වෙනවා. ජූනි මස 3 වෙනි දින උදෑසන පැල සිටුවීමට සියල්ල සූදානම්.
බැක් ටු ග්‍රීන් කන්ඩායමේ පුරෝගාමියෝ වෙන්නෙ MCKP ශශේන්, මොහොමඩ් ෆර්ශාන් නිලුපුල් සහ සුජීවායි. ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තු තවත් බොහෝ දෙනෙක් මේ කාර්යයට සහයෝගය දක්වනවා.
ජූනි 4 වෙනිදා බදුලු ඔය ඉවුරේ පැල සිටුවීම සිදුවෙන අතර ඒ සමඟම බැක් ටු ග්‍රීන් ඔවුන්ගේ 5000 වන පැලය එදිනට පැල කිරීමටයි සූදානම්ලු. පැල සිටුවීමම පමණක් අරමුණ නොවී ඒවා රැක බලාගැනීම සඳහාද ක්රමෝපායන් යොදන ඔවුන්ගේ එකම අභිමන මේ පුංචි දිවයින නැවත හරිත නිමනයක් කිරීම පමණයි.
