මව්පියන් ගොඩාක්ම කැමතිනේ තමන්ගේ කුඩා දරුවන්ගේ උපන්දිනය ගොඩාක්ම ලස්සනට සමරන්න. ඉතින් ගොඩාක් අම්මලා තාත්තාලා තමන්ගේ දරුවන්ගේ උපන් දිනයට ගොඩාක් වියදම් කරනවා. සමහර අම්මලා තාත්තලා නම් සල්ලි නැත්නම් ඒ වගේ උපන්දින ඉතාම සරලව නැති නම් චාම් විදියට පවත්වනවා.
පොඩි ළමයින්ගේ උපන්දිනය සමරන වේලාවට අපි ගොඩාක් දෙනෙක් දැකලා තියෙන දෙයක් තමයි ඉටි පන්දමක් පත්තු කරලා ඒක නිවන එක. ඉතින් එහෙම පත්තුකළ ඉටිපන්දමක් නිවාගන්න බැරිවුණ දරුවෙකුට තමන්ගේ තාත්තා උදව් කළ හැටි තමයි මේ කියන්න යන්නේ.
අවුරුදු දෙකේ උපන්දිනය සමරන අවස්ථාවේ පත්තු කළ ඉටිපන්දම නිවාගන්න දරුවා පිඹිනවා. ඒත් හරියන්නේ නෑ. හේතුව මොකක්ද කියලා ඒ වෙලාවේ අම්මාටයි තාත්තාටයි තේරුම් ගිය නිසා තාත්තා දරුවාට උදව් කළේ කොහොමද කියනවා නම් පුංචි බටයක් ගෙනල්ලා දරුවාගේ කටට තියලා ඒ හරහා පිඹලා තමයි ඉටි පන්දම නිවන්නේ. මේක පුංචි දෙයක්නේ කියලා බැලුවාම තේරෙයි. ඒත් මේ තුළ ගොඩාක් ගැඹුරු අර්ථයක් තියෙනවා කියලත් එකිනෙකාට විවිධාකාරයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙයි.
පහත වීඩියෝව බලන්න…
