මිනිස්සු කියන්නේ හරි පුදුම ජාතියක් කියලා කතාවට කියනවනේ.
ඒකට විවිධ හේතු තියෙනවා.
සමහර අයගේ ගතිගුණ එහෙමත් නැත්නම් හැසිරෙන විදිහ ගැන දැක්කම ඒ වගේ දෙයක් කියන්න කටට එන්න පුළුවන්.
සමහර අය මිනිස්සුන්ට වගේම සතුන්ටත් ගොඩක් ලෙංගතුයි.
ඒ විදිහට සුනඛයින් පස්දෙනෙකු සමඟ එකට ආහාර ගන්න කාන්තාවක් ගැන අරණායක හොරේවල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
මෙම කාන්තාව සුනඛයින් පස්දෙනෙකු සමඟ පරිප්පු සහ පාන් ආහාරයට ගනිමින් සිට තිබුණේ ආපාන ශාලාවක් ඉදිරිපිටයි.
කොහොම වුණත් දැනගන්නට ලැබුණේ මෙම කාන්තාව මානසික ව්‍යාකූලතාවයකින් පසුවන බවයි.
ඇය අරණායක අසුපිණි ඇල්ල මාර්ගයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.
කොහොම වුණත් මෙම අසනීප තත්ත්වයට ප්‍රතිකාර කළ හැකි බැවින් ඒ සඳහා ඇයව යොමුකරගත හැකිනම් එය ලෙකු පිනක් කියලයි අපිටනම් හිතෙන්නේ.
