හදිසි ආපදා තත්වයක් හේතුවෙන් පාකිස්තානයේ ලාහෝර් නුවරට ගොඩ බෑ ගුවන් යානයක සිටි මගීන් දස දෙනකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ශහීන් ගුවන් සේවයට අයත් එම ගුවන් යානය හදිසි ගොඩ බෑමකට ලක් කොට ඇත්තේ අලාමා ජාත්‍යන්තර ගුවන් තොටුපලටයි.
එම අවස්ථාවේ මගීන් සිය දෙනකු යානයේ ගමන් කොට ඇති බවයි පැවසෙන්නේ.
ගොඩ බෑමට ලක් කරන අවස්ථාවේ ටයරයක් පුපුරා යෑම හේතුවෙන් මගී යානය ගුවන් පථයෙන් ඉවතට ලිස්සා යෑම අනතුරට හේතු වී ඇති බව ඇතැම් වාර්තාවල දැක්වේ.
මේ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇති බවටත් මත පළ වේ.
අනතුරත් සමග යානයේ සිටි සියලු මගීන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇති බවත් පැවසෙයි.