හොලිවුඩ්

ගීත වීඩියෝවෙන් ඉවත් කළ රිහානාගේ සම්පූර්ණ නිරුවත ලීක්වෙයි (වීඩියෝ)

 ර2

සුප‍‍්‍රකට පොප් ගායිකා රිහානාගේ නවතම ගීත වීඩියෝවේ ඉවත් කළ දර්ශන ප‍‍්‍රසිද්ධියට පත්ව ඇතැයි වාර්තා වේ.  මෙහිදී ඇය මුළුමනින්ම පාහේ සිය නිරුවත් සිරුර විදහා පානු ලබයි.

27 හැවිරිදි රිහානාගේ  Bitch Better Have My  Money ගීත වීඩියෝව රටවල් 8ක හොඳම ගීත 10 තුළට එක්ව ඇති අතර තවත් රටවල් 6ක එය හොඳම ගීත 20 තුළ පසුවේ.

වීඩියෝවේ දර්ශන පසුතලය සඳහා ප්ලාස්ටික් භාවිතා කර ඇති අතර ඊට ගැලපෙන ලෙස රිහානාද විනිවිද පෙනෙන ප්ලාස්ටික් ඇඳුමකින් සැරසී සිටී.

ඇය සිය නිරුවත ආවරණය කරගෙන සිටින්නේ සුදු පැහැති යට ඇඳුමකින් පමණි.

තමන් රැවටූ ගණකාධිකාරිවරයකු පුටුවක ගැට ගසා සිටින අතරතුර රිහානා ඔහු වධබන්ධනයට ලක්කිරීමට ගමන් කරන අයුරු කාමරයේ සිටින තවත් කාන්තාවකට පෙනෙන අයුරින් දක්වමින් ගීත වීඩියෝව ඇරඹේ.

පසුව එය ගණකාධිකාරිවරයාගේ පර්යාවලෝකනයට මාරු කෙරෙන අතර එමගින් රිහානාගේ අග පසග පැහැදිලි ලෙස නිරූපණය කරනු ලැබේ.

පසුව ඇය පිහියකින් ඔහුගේ ශරීර කොටසක් කපා දමන අතර එය සමග සිනහ මුසු මුහුණින් ඡයරූපයකට පෙනී සිටී.

නිල ගීත වීඩියෝව තුලදී වධබන්ධනයට ලක් කෙරෙන කොටස ඉවත් කර ඇති අතර ඒ වෙනුවට අවශ්‍ය ආයුධ තෝරන අයුරු සහ ලේ වැකි පසුබිමක ගණකාධිකාරිවරයා වැටී සිටින අයුරු පමණක් දක්වා ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!