අංජුලා රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ ටිකක් නපුරු චරිතයක්.
දෙවෙනි ඉනිම හරහාත් ඔබේ ආලින්දයට එන ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අංජුලා කියලා තිබුණා.
අංජුලා රාජපක්ෂ විවාහයෙන් පස්සෙ වෙනස් වෙලාලූ නේද?
විවාහය කියන දේ එක්ක කෙනෙක් වෙනස් වෙනවද කියන එක ගැන කොහොමද කියන්නෙ. මෙහෙම කිව්වොත්, විවාහය කියන්නෙ ජීවිතයේ එක්තරා කඩඉමක්. අපි පාසල් යන කාලෙ වගේ නෙවෙයිනෙ, අපි රැකියාවකට යද්දි අපේ ස්වභාවය වෙනස් වෙනව. ඒ වගේ විවාහයත් එක්ක අපි වෙනස් වෙනව.
විවාහ සංස්ථාව කියන්නෙ බොහෝ කැපකිරීම් කරන්න සිදුවෙන තැනක්ද?
විවාහයෙන් පස්සෙ අපිට අලූත් නෑදෑ පිරිසක් එකතු වෙනව. ඔහුගේ අදහස් මගේ අදහස් බෙදාගන්න වෙනව.
එතනදි ඔහු කැමති අකමැති දේවල් තියෙනව. මම කැමති අකමැති දේවල් තියෙනව. මේ දේවල් සළකා බලලා අපිට හරි මැදකට එන්න වෙනව.
එතකොට ප්‍රශ්න අඩුයි. සමහර විට මට කැමති දේවල් මට කරන්න බැරිවෙන වෙලාවල් තියෙනව. එයාටත් එහෙම වෙනව ඇති. හැබැයි මම අදටත් එදා හිටපු අංජුලා විදිහටමයි ඉන්නෙ. දෙයියන්ගෙ පිහිටෙන් මගේ නිදහස සීමාවෙලා නැහැ. මම මගේ වැඩ කරගෙන ඉන්නව.
ඒත් දැන් අංජුලා හරිම තැන්පත් වෙලා කියලත් කියනව?
එන්න එන්න අපේ වගකීම් වැඩිවෙනකොට සහ අපේ අත්දැකීම් මුහුකුරා යද්දි සුළු සුළු වෙනස්කම් බාහිර ලෝකයට පෙනෙන්න පුළුවන්. ඉස්සර සැහැල්ලූවෙන් විනෝදයෙන් ඔහේ හිටියට දැන් එහෙම බැහැ. අපේ වැඩ ඉවරවුණ ගමන් ගෙදර යන්න ඕනෑ.
ඉස්සර අම්මා කෑමටික හදල මේසෙට තිබ්බට දැන් අපි අපේ ගෙදර වැඩ ටික කරගන්න සිදුවෙන වෙලාවල් තියෙනව.
එයත් එක්ක ගමනක් බිමනක් යන්න යොදාගෙන තියෙනව නම් ඒකට සූදානම් වෙන්න ඕනෑ. ඔය දේවල් හැම ගැහැනියකටම පිරිමියෙකුටම පොදු දේවල්.
අංජුලාට රංගන කටයුතු අතරෙ ගෙදර වැඩ ටික කරගන්න වෙලාව තියෙනවද?
අනිවාර්යයෙන්ම තියෙනව. ඒක හැමෝටම පොදුයි. ඒ සීමාව කඩාගෙන ගියොත් තමයි පවුල් සංස්ථාව කැඩිලා නැත්තටම නැතිවෙලා යන්නෙ.
කොචච්ර වුණත් කාන්තාවක් ඔය දේ උප්පත්තියෙන්ම අරගෙන එනව. ගෙදර වැඩක් පළක් කරන්න, ගෙදර වැඩටික කළමනාකරණය කරගන්න බැරිනම් කසාද බැදල බෝනික්කො වගේ හිටියට ඒ ගැහැනියගෙන් වැඩක් නැහැ.
තීරණ ගන්න වෙලාවට කලාවද, පවුලද කියල තෝරගන්න වෙන තැන් ඇවිත් නැද්ද?
විවාහ වෙනකොටම එයා දන්නව මම රංගන ශිල්පිනියක් කියලා. මගේ සැමියත් කලා පවුලක සාමාජිකයෙක්නෙ. ඒ නිසා මට ලොකු ගැටලූවක් නැහැ. ඉදිරියටත් එහෙම ප්‍රශ්නයක් වෙයි කියල මම හිතන්නෙ නැහැ. හැබැයි ඕනම විවාහක යුවළකට කසාදයද රැකියාවද කියල තෝරගන්න වුණොත් මං හිතන්නෙ සියයට අනුවක්ම තෝරගන්නේ පවුල් ජීවිතය කියන එකයි.
අංජුලා ඇයි ටෙලි තිරය මතම කල් ගෙවන්නෙ?
මට ලොකුවට සිනමාවෙන් ආරාධනා ලැබිලා නැහැ. මම චිත්‍රපට පහක හයක රගපාලා තියනව. ඒ චරිත අතර මට හොද අධ්‍යක්‍ෂවරු යටතේ සුළු චරිතයක් හරි කරලා තියෙනව නම් ඒ ගැන සතුටුයි. සිනමාවේ මට තවම හොද චරිතයක් කරන්න අවස්ථාව ලැබිලා නැහැ.
නමුත් එහෙමයි කියලා මට හදිස්සියකුත් නැහැ. වයසට ගිහින් හරි මට හොද චරිතයක් ලැබුණොත් කරනව.
දැන් නොලැබෙන දේ වයසට ගිහින් ලැබිලා පලක් තියෙනවද?
තරුණ කාලෙ සිනමාවට එන්න අවස්ථාවක් ලැබුණෙ නැත්නම් සමහර අය වයසට ගිහින් සිනමාවට ඇවිත් සිනමාව ජය අරන් තියෙනව.
එතකොට අපි පරිපූර්ණත්වයටත් පත්වෙලානෙ අපි වාණිජ සිනමාව නරඹලා තමයි සිනමාවට ආදරය කරන්න පටන් ගත්තෙ. එහෙමයි කියලා වාණිජ සිනමාවට එකතු වෙන්න මගේ ලොකු කැමැත්තක් නැහැ. මට ඕන චරිතාංග නිළියක් විදිහට සිනමාවට එකතු වෙන්නයි.
අංජුලා නපුරු චරිත කරන්නෙ කැමැත්තෙන්ද?
අකමැත්තක් නැහැ. කලා ක්ෂේත්‍රයේ රැදන්න නම් අපිට වැඩ තියෙන්න ඕනනෙ. කොච්චර අපි කලාකාරියක් කියල කියා ගත්තත් වැඩක් නැහැනෙ වැඩ නැත්නම්.
අපිට අපි කැමති චරිත පමණක් රගපාන්න තිබුණා, මම වෘත්තිය රංගන ශිල්පිණියක් නොවුණා නම්. නමුත් වෘත්තිය කලා ශිල්පිණියක් විදිහට මම කැමති හෝ අකමැති හෝ මගේ පරාසයට ගැළපෙන මට කරන්න හැකියාව තියෙන දේ ලැබෙනව නම් මම ඒක කළ යුතුයි. බොරුවට කියන්න බැහැනෙ අපි තෝරා බේරාගෙන රගපාන්නෙ කියලා. අද තියෙන තත්ත්වය අනුව වෘත්තිය රංගන ශිල්පිණියකට තෝරගෙන රගපාන්න බැහැ.
හැබැයි මට ලැබෙන චරිතය මොකක් වුණත් මම ඒ චරිතයට සාධාරණය ඉෂ්ට කරනවා.
උපුටා ගැනීමකි