නකල්ස් ලෝක උරුම වන බිමෙහි ජීවත්වන සතුන් සිය ගණනක් වසර කිහිපයක් තිස්සේ දඩයම් කරමින් සිටි සාද් ශරාෆ් ඇතුළු කණ්ඩායම මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
අප මීට පෙර වාර්තා කළ පරිදී අදාළ ඡායාරූප මීට වසර 5ට එහා කාල සීමාවන්හිදී ලබා ගන්නා ලද ඒවා බවයි පොලිසිය සඳහන් කරන ලදී.
වසර ගණනාවක් තිස්සේ වන සතුන් විශාල ප්‍රමාණයක් මෙම පිරිස විසින් දඩයම් කර ඇති බව පොලිසිය පවසයි.
සාද් ශරාෆ් මෙලෙස සතුන් ඝාතනය කිරීමට ඔහුට ඇති කිසියම් මානසික රෝගයක් බලපාන්නට ඇතැයි විශ්වාස කරන පොලිසිය, සාද් ශරාෆ් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසට ඔහුගේ පියාට උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.