කාලෙන් කාලෙට එක එක දේවල් සමාජයේ ප්‍රසිද්ධියට පත්වෙනවා.
කාලයක් අපේ රටේ අයිස් බකට් චැලේන්ජ් තිබ්බා.. මිරිස් කරල් කන්නත් චැලේන්ජ් එකක් තිබ්බා.
ඒ වගේ අලුත්ම වැඩක් ගැන අපිට අහන්න ලැබුණා.
ඒ තමයි The #A4waist challenge නම් අභියෝගතා වැඩසටහනක් තරුණියන් අතර මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචලිත වීම.
තමන්ගේ ඉඟ A4 කොළයක පළලට සමාන නම් එම අභියෝගය දිනා ගැනීමට අවස්ථාව හිමිවෙයි. A4 කොළයේ පළල (24cm) පමණ වෙනවා.
මෙහි දී තරුණියන් කරනුයේ සිරස් අතට තැබූ A4 කොළයක් පිටුපස තමා සිට ගෙන සිටින ජායාරූපයක් සිය සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළ කරනු ලබනවා.
කෙසේ වෙතත් තරුණියන් අතර දිව යන මෙම අභියෝගය බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වී තිබෙනවා.
නිසි වෛද්‍ය උපදෙස් නොලබා තරුණියන් සිය ශරීරයේ ඉඟ කුඩා කර ගැනීමට වෙහෙසක් දරන බවද ආරංචි වුණා.
මේ උන්මාදය මුලින් චීන තරුණියන් විසින් තමයි ආරම්භ කර තිබෙන්නේ.
චීනයේ එක් පුවත්පතක් මේ උන්මාදය ගැන සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙය “යෝග්‍යතා අභියෝගයක්” බවයි.
